ලොව පිළිකුල් සහගතම ආහාර වර්ග මෙන්න..(PHOTOS)

By Sewvandhi Sep 10, 2021 11:47 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ලූනු පෙති හා සලාද කොළ මත තැබූ තම්බන ලද බාගෙට විවර වූ ඇස් ඇති බැටළු හිසක් (තැම්බූ මොළයද සහිතව).රෝස පැහැ මස් වැදලි පෙනුම ඇති දෙදිනක් වයසැති මී පැටවි දැමූ වයින්,ගැඹුරු තෙලේ පුලුස්සා ගත් පළඟැටියන් හා කලුපැහැ හිස් ද පෘෂ්ටිමත් කිරිපැහැ සිරුරු ද සහිත පණුවන්,යහමින් කුළුබඩු යොදා සැකසූ සත්වයෙකුගේ ප්‍රජනන අවයව… ඔබට මේ ලැයිස්තුව කියවන විට කුමන හැඟීමක්ද දැනෙන්නේ? තදබල හිරිකිතයක්.එහෙම නේද? ඒඋනත් ඔබ දන්නවාද , ඔබ ඉහත කියෙව්වෙ ලෝකයේ ඇතැම් ජනකොටස් වල ජනප්‍රියතම ආහාර වර්ග කීපයක් බව.ඉහත දැක්වෙන්නේ කීපයක් පමණයි.පිළිකුල් සහගත තවත් ආහාරවර්ග ගැන තොරතුරු මේ ලිපියෙන් ඔබට දැනගන්නට ලැබේවි.

1. White Ant Eggs Soup

ලොව පිළිකුල් සහගතම ආහාර වර්ග මෙන්න..(PHOTOS) | The Most Disgusting Food In The World

මේ සුප් වර්ගය හමුවන්නේ ලාඕසයෙන්.අසාමාන්‍ය හා අශෝබන පානයක් විදිහට අපිට පෙනුනත් ඔවුන්ටනම් මෙය ඉතා රසවත් පානයක්.මෙය සාදාගන්නේ අර්ධව වැඩුනු කළල සහිත කූඹි බිත්තර මගින්.ඇඹුල් රස ලබා ගැනීමට කුහුඹු පැටවුන් කීපදෙනෙක් ද එකතු කරනවා.ඔබේ උදරයට දරා ගත හැකිනම් මෙය ඉතා රසවත් සූපයක් බවයි ලාඕසයේ වැසියන් පවසන්නේ

2. Whole Sheep’s Head

ලොව පිළිකුල් සහගතම ආහාර වර්ග මෙන්න..(PHOTOS) | The Most Disgusting Food In The World

බැටළු මාංශ ලෝකයේ බොහෝ රටවල ප්‍රණීත ආහාරයක් ලෙස සලකනවා.බැටළු මාංශමය ආහාර වර්ග අතර තරමක් පිළිකුල් සහගත ආහාරයක් තමයි මේ.මෙහිදී සම්පූර්ණ බැටළු හිස ආහාරයට ගන්නා අතර මධ්‍යධරණී ප්‍රදේශවල හා උතුරු යුරෝපයේ දකින්න ලැබෙනවා.ඇතැම් අවස්ථා වලදී මොළයද සහිතව මෙය පිළිගන්වනවා.බැටළු හිසේ අක්ෂි ගෝල හා දිව ද ඔවුන්ටනම් රසවත් ආහාරයක්.

3. Jellied Moose Nose

ලොව පිළිකුල් සහගතම ආහාර වර්ග මෙන්න..(PHOTOS) | The Most Disgusting Food In The World

ඔබට යම්දිනක කැනඩාවේ සංචාරයට අවස්ථාවක් ලැබුනොත් මේ ආහාරය රස විදින්නට පුළුවන්.ජෙලිමය ආකාරයට සකසා ගත් ගොනෙකුගේ නාසයක් මෙසේ හදුන්වනවා.පළමුව ලූනු හා කුළුබඩු සමඟ රත් කරන ගොන් නාසය පසුව රෝම ඉවත් කර පෙතිගසා සූපය ජෙලි ලෙස සැකසෙන තෙක් නැවත රත් කරනවා.

4. Crispy Tarantula

ලොව පිළිකුල් සහගතම ආහාර වර්ග මෙන්න..(PHOTOS) | The Most Disgusting Food In The World

මෙය කාම්බෝජයේ ආහාරයක්.ආහාර හිඟයකින් පෙළුණු කාම්බෝජයේ ඇතැම් වැසියන් කුසගින්නට පිළියමක් ලෙස දිවිමකුළුවන් ආහාරයට ගත්තා.අශෝබන ලෙස මෙය ජනප්‍රිය වූ අතර වර්තමානයේ ගැඹුරු තෙලේ බදින ලද දිවිමකුළුවන් ඔවුන්ට ඉතා රසවත් ආහාරයක්.එහි රස කකුළුවන්ගේ රසට සමාන බව ඔවුන්ගේ අදහසයි.

5. Locusts

ලොව පිළිකුල් සහගතම ආහාර වර්ග මෙන්න..(PHOTOS) | The Most Disgusting Food In The World

ඊශ්‍රායල් වැසියන්ට පළඟැටියන් නිසා බොහෝ හිරිහැර වලට මුහුණ දීමට සිදු උනා.ඔවුන් එයට වඩා රසවත් පිළියමක් සොයාගත්තා.රන්වන් පැහැගන්නා තෙක් ගැඹුරු තෙලේ බදින ලද කරකර ගා හැපෙන පළඟැටියන් ඊශ්‍රායලයේ ජනප්‍රිය ආහාරයක් උනේ ඒ පිළියමේ ප්‍රතිඵලයක් ලෙසයි.ඔවුන් ඊට කොයිතරම් ප්‍රියකරනවාදැයි කියනවනම් චොක්ලට් වල තවරා ගත් පළඟැටියන් එම රටේ ඉතා ප්‍රසිද්ධයි.

6. Mouse Wine

ලොව පිළිකුල් සහගතම ආහාර වර්ග මෙන්න..(PHOTOS) | The Most Disgusting Food In The World

චීනයේ හා කොරියාවේ ඇති විශේෂ වයින් වර්ගයක් මේ නමින් හඳුන්වනවා.වයින් වර්ගය ගැන හැඳින්වීමක් එහි නාමයෙන්ම ඔබට ලැබෙන්නට ඇති.මෙය සාදන්නේ සහල් වලින් සෑදූ වයින් වලට දෙදිනක් වයසැති මී පැටවුන් ජීවත්ව සිටියදීම එක්කිරීමෙන්.දළ වශයෙන් වසරක් පමණ එය පැසීමට තබනවා.වයින් පානය අවසානයේ මී පැටවුන් ආහාරයට ගන්නවා.

7. Kale Pache

ලොව පිළිකුල් සහගතම ආහාර වර්ග මෙන්න..(PHOTOS) | The Most Disgusting Food In The World

මෙය ඇෆ්ගනිස්තානය,ඇල්බේනියාව හා ඉරානය වැනි රටවල් වල සාම්ප්‍රදායික ආහාර වර්ගයක්.ගව හෝ බැටළු කොටස් ඉස්ටුවක් ලෙස සකසා ගැනීම සිදුවෙනවා.මෙම ඉස්ටුවට සත්වයාගේ හිස,පාද ,අතුනුබහන් වැනි ඉවතලන කොටස් යොදාගන්නවා.රටින් රටට මේ ආහාරය තරමක් වෙනස් වෙනවා.ඉරානයේ හා ඇෆ්ගනිස්තානයේ බැටළු හිස හා මොළය මෙන්ම පාද යොදා ගන්නවා.ඔවුන් ඒවා ලෙමන් හා කුරුඳු යොදා රසවත් කර ගන්නවා .

8. Kopi Luwak / Civet Coffee

ලොව පිළිකුල් සහගතම ආහාර වර්ග මෙන්න..(PHOTOS) | The Most Disgusting Food In The World

පිළිකුල් සහගත නමුත් ලොව වටිනාම පානයක් ගැන තමයි මේ විස්තරය.kopi luwek සාදාගන්නේ කෝපිඇට ආහාරයට ගෙන උරුලෑවන් (asian palm covet) පිටකරන මළපහ මගින්.ආහාරයට ගත් කෝපි,උරුලෑවාගේ ආහාරමාර්ගය තුළ පැසීමට ලක්වී මළපහ ලෙස පිටකල පසු ඒවා එකතු කිරීම සිදුවෙනවා. එම මළපහ යොදාගෙන සාදන kopi luwak ලොව වටිනාම කෝපි පානය ලෙස සලකනවා.

9. bull’s penis

ලොව පිළිකුල් සහගතම ආහාර වර්ග මෙන්න..(PHOTOS) | The Most Disgusting Food In The World

මෙය චීනයේ දකින්න ලැබෙන ආහාරයක්.ගව කුලයේ පිරිමි සතුන්ගේ ප්‍රජනන අවයව ආහාරයට ගැනීම මෙහිදී සිදුවෙනවා.අපට ඉතා පිළිකුල් සහගත උනත් ඔවුන් මෙය නීරෝගීබව හා ශක්තිය ලබා දෙන ආහාරයක් බව විශ්වාස කරනවා.චීන වැසියන්ගේ රාත්‍රි ආහාරවේලට ඔවුන් මදගින්නේ සකසා ගත් ගව ප්‍රජනන අවයව එකතු කරගන්නවා.

මේ ලිපියෙන් කතා කරේ කීපයක් ගැන පමණක් වුවද ලෝකයේ මෙවැනි ආහාර වර්ග ඕනෑතරම් තියෙනවා.අපිට අමානුෂික හා හිරිකිත දැනවූවද ලෝකයේ ඇතැම් ජනකොටස් වලට ඒවා ප්‍රණීත,රසවත් ආහාර.අනාගතයේ මෙවැනි රටකට සංචාරය කල දිනක ඔබ සෑහෙන තරම් නිර්භීතනම් පමණක් ,ඔබටත් මේ ආහාර වල රස බලන්නට හැකිවේවි..

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now