බිරින්දෑවරු 03ත් එක්ක සතුටින් ජීවත් වෙන අපූරු මිනිසා - ලෝභ නැතුව ඇඟ වෙනුවෙන් මුදල් වියදම් කරන හැටිත් කියයි.. බලන්නකෝ එයාලා හතර දෙනා ඉන්න හැටි.. (PHOTOS)
භාර්යාවන් තිදෙනෙකු සිටින අමෙරිකානු ජාතිකයකුගේ සාම්ප්‍රදායික නොවන සබඳතාවක් ගැන පුවතක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.
Mazayah Andrews නම් මොහු ව්‍යවසායකයෙකු වේ.
Daily Star පුවත්පත වාර්තා කළේ මෙම පුද්ගලයා Stephanie, Rose සහ Dezaray සමඟ විවාහ වී සිටින බවයි.
ඔහු Stephanie සමග වෙන් වී පසු කාලයක දී Rose සමග පෙම් සබඳතාවක් ආරම්භ කර ඇත.
Stephanie ඔහු සමග නැවත එක් වූ විට, ඔවුන් Roseව ඔවුන්ගේ සම්බන්ධතාවයේ තබා ගැනීමට තීරණය කර තිබෙනවා.
ඒ වාගේම පසු කාලයකදී Stephanie සහ Rose යන දෙදෙනාගේම කැමැත්ත අනුව Dezaray ඔවුන්ගේ සම්බන්ධතාවයට එක් වේ.
මේ අතර Rose පවසන්නේ Dezarayගේ පැමිණීමත් සමග ඔවුන්ගේ සම්බන්ධතාවය විනෝදජනක වූ බවයි.
Stephanieට දරුවන් දෙදෙනෙකු සිටින අතර කාන්තාවන් තිදෙනා සහෝදරියන් තිදෙනෙකු ලෙසින් එකට ජිවත් වේ.
කෙසේ වෙතත්, මේ පුද්ගලයාගේ භාර්යාවන්ගේ ශරීරය නියම හැඩයට පවත්වා ගැනීමට ඔහු නිර්ලෝභීව මුදල් වියදම් කරන බව වාර්තා වේ.



