අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ නායකයා වෙනස් වෙයි. - හිටපු නායකයාට සිදු වූ දේ

By Wayomi Aug 04, 2023 04:53 AM GMT
Report

අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ නව නායකයා ලෙස අබු හෆාස් අල් හෂීමි අල් කුරේෂි පත් වී තිබෙනවා.

මීට පෙර, අයි.එස්. නායකයා ලෙස කටයුතු කළේ අබු හුසේන් අල් හුසේනි අල් කුරේෂිය නැමැත්තා වන අතර ඔහු සිරියාවේ ඉඩ්ලිබ් පළාතේ දී ඝාතනයට ලක් වුණා.

ඔහුගේ ඝාතනය සිදු කර ඇත්තේ , තම බුද්ධි අංශ සහ හමුදාව යැයි තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් පවසන අතර සිරියානු තුර්කි දේශසීමාවේ සිරියාවට අයත් පළාත් රැසක තුර්කි හමුදාව මෙහෙයුම් සිදු කරනු ලබනවා.

කෙසේ වෙතත් අයි.එස්. ත්‍රස්ත සංවිධානය පවසන්නේ, අබු හුසේන් අල් හුසේනි අල් කුරේෂි මියගියේ සිරියාවේ හයාත් තහ්රීර් අල් ෂාමාන් නම් තුර්කි හමුදාවට හිතවත් කැරලිකරුවන්  එල්ල කළ ප්‍රහාරයකින් බවයි.