ඔය කියන තරමටම ගංජා වල ආර්ථික වාසියක් තියෙනවද? - ජාත්‍යන්තර කංසා වෙළඳපොලට සිදු වී ඇති දේ.

Sri Lanka Government Of Sri Lanka
By Wayomi Jun 26, 2023 09:58 AM GMT
Wayomi

Wayomi

Report

ගංජා අපනයනය කර දැවැන්ත ආර්ථික වාසියක් ලබාගැනීමට හැකි බවට සිදුකරන ප්‍රකාශවල කිසිදු සත්‍යතාවක් නොමැති බව මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය ප්‍රකාශ කරනවා.

එම මධ්‍යස්ථානය පෙන්වා දෙන්නේ, මෙරට තුළ ගංජා භාවිතය නීතිගත කිරීම සඳහා මේ වන විට විවිධ උත්සාහයන් ක්‍රියාත්මක වෙමින් පවතින අතර ගංජා අපනයනය සඳහා ශක්‍යතාවක් පවතින්නේ ද යන්න සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කමිටුවක් ද පත් කර ඇති බවයි.

පසුගියදා විෂය භාර අමාත්‍යවරයා විසින් ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් ලෙස එයට අවසර ලබාදෙන බව පැවසුව ද, ගංජා අපනයන කිරීම තුළින් ආර්ථික වාසී පවතින බවට සිදුකරන ප්‍රකාශවල කිසිදු සත්‍යතාවක් නොමැති බව ගංජා සමාගම්වල ගිණුම් වාර්තා සොයා බැලීමේ දී අනාවරණය වන බවයි ද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය අවධාරණය කරන්නේ.

ඔවුන් ,මෙම අදහස් පළ කර තිබුණේ, අදට යෙදෙන ලෝක මත්ද්‍රව්‍ය විරෝධී දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින්.

වැඩිදුර තොරතුරු පහතින්,  


GalleryGallery