තරුණ බිරිඳව එලොව යැවු සැමියා... අසරණ දරුවන් දෙදෙනා

Police spokesman Sri Lanka Police Crime Law and Order Sinhala news
By Akash Mar 23, 2025 12:00 AM GMT
Akash

Akash

Report

පවුල් ආරවුලක් හේතුවෙන් සැමියෙකු විසින් බිරිඳ කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියක් රත්තොට, කයිකාවල, ඉසුරුගම ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ.

ඝාතනයට ලක්වී ඇති බිරිඳ සහ ඝාතනය සිදුකළ බව කියන සැමියා යන දෙදෙනාම මාතලේ රෝහලේ කනිෂ්ඨ සේවකයින් බවද වාර්තා වෙයි.

ඔවුන්ට පාසල් යන වයසේ දරුවන් (දුව 11 – පුතා 13) දෙදෙනෙකු ද සිටින අතර අද (22) අලුයම 5ට පමණ මෙම ඝාතනය සිදුවී ඇති බව පැවසෙයි.

ඝාතනයෙන් පසු සැඟව සිටි සැකකාර සැමියා රත්තොට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. රත්තොට පොලීසිය සිද්ධිය ගැන වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

ReeCha