තම බිරිඳව ගිනිතබා ඝාතනය කළ සැමියා - මෙරටින් ඇසෙන ඇඟ හිරිවැටෙන පුවත..
By Sewvandhi
වීරඹුගෙදර පොලිසිය පවසන්නේ, සැමියා විසින් පෙට්රල් දමා ගිනි තැබූ බිරිඳක් බරපතළ තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි.39 හැවිරිදි රංජනගම ප්‍රදේශයේ පදිංචිකාරියක් මෙලෙස මිය ගොස් තිබෙනවා.
පොලීසිය පවසන්නේ, පසුගිය අගෝස්තු මස 27 වැනි දින සැකකාර සැමියා බීමත්ව සිටියදී බිරිඳ සමඟ ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් පසු සැකකරු විසින් බිරිඳගේ සිරුරට පෙට්රල් දමා ගිනි තබා ඇති බවයි.
අත්අඩංගුවට ගත් 46 හැවිරිදි රංජනගම ප්‍රදේශයේ පෙදෙරේරු වෘත්තියේ යෙදෙන මෙම සැමියා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව පොලිසිය අනාවරණය කරනවා.