ට්‍රම්ප් ඝාතන සැලසුමේ වෙඩික්කරු හදුනාගනී..(VIDEO)

Report

අමෙරිකානු හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි තබා ඇත්තේ තෝමස් මැතිව් කෲක්ස් නමැති 20 හැවිරිදි තරුණයෙකු බවට හඳුනාගෙන ඇති බව මධ්‍යම බුද්ධි ඒජන්සිය විසින් ප්‍රකාශ කර තිබේ .

මෙම සැකකරු පෙන්සිල්වේනියාවේ බෙතල් පාක් හි පදිංචිකරුවෙක් බවත්, බෙතෙල් පාර්ක් යනු ඩොනල්ඩ් ට‍්‍රම්ප් සිය මැතිවරණ ප්‍රචාරක රැලිය පැවැත්වූ ස්ථානයේ සිට සැතපුම් 40 ක් දකුණින් පිහිටි ගම්මානයක් බවත් මෙම වෙඩික්කරු ඩොනල්ඩ් ට්‍රම්ප් රැඳී සිටි වේදිකාවට යාර 130කට වඩා ඈතින් පිහිටි නිෂ්පාදන කම්හලක වහලක් මත නැගී මෙම වෙඩි ප්‍රහාරයන් එල්ල කර තිබෙනවා.

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත වෙඩි ප්‍රහාරයක්..(VIDEO)

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත වෙඩි ප්‍රහාරයක්..(VIDEO)

කෙසේ වෙතත්, රහස් ඔත්තු සේවයේ ස්නයිපර්වරුන් විසින් ඔහුව වෙඩි තබා ඝාතනය කර ඇති අතර, පසුව සිදුකළ සෝදිසියකදී AR වර්ගයේ රයිෆලයක් ඔහුගේ දේහය ආසන්නයේ තිබී සොයාගැනීමට සමත් වූ බව නිව්යෝර්ක් පෝස්ට් පුවත් සේවය වාර්තා කර සිටියේය .

කොරියානු ජාතික කාන්තාවකට මරු කැඳවූ දිය වැල..

කොරියානු ජාතික කාන්තාවකට මරු කැඳවූ දිය වැල..

පෙන්සිල්වේනියාවේ පැවති මැතිවරණ ප්‍රචාරක රැලියක් අතරතුර දී මෙම වෙඩි තැබීම වාර්තා වූ අතර ඉන් හිටපු ජනාධිපතිවරයාගේ කනක් තුවාල වී තිබුණි.

රෝහල්ගත කළ හිටපු ජනාධිපතිවරයා මේ වනවිට නිව් ජර්සි හි පිහිටි තම නිවසට ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම සිද්ධියේදී රැලිය නැරඹීමට පැමිණ සිටි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්වූ අතර තවත් දෙදෙනෙක් බරපතළ තුවාල ලැබීය.