උසස් පෙළ සිසුවියගේ රන්මාලය කැඩූ ව්‍යාපාරිකයා ප්‍රදේශවාසීන් අල්ලා ගනී.

Police spokesman Sri Lanka Police Hambantota Accident Education
By Aruna Jun 19, 2023 07:17 AM GMT
Aruna

Aruna

Report

උසස් පෙළ හදාරන සිසුවියකගේ රන්මාලය කොල්ලකෑ ව්‍යාපාරිකයෙකු මිද්දෙණිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඇඹිලිපිටිය ප්‍රදේශයේ උපකාර පංතියකට සහභාගී වී නැවත බස්රථයෙන් නිවස බලා එමින් සිටි අවස්ථාවේදී මෙම සැකකරු විසින් බස් රථය තුළදී සිසුවියගේ රන් මාලය කඩා ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේ,බස් රථයෙන් බැස පලා යමින් සිටි සැකකරු ප්‍රදේශවාසීන් විසින් අල්ලා පොලිසියට භාරදී ඇත.

මිද්දෙණිය පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරු අද(19) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

මේ අතර හොරණ දෙල්ගහගොඩැල්ල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇය සතුව තිබී මත්පෙති සීයක් සොයාගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

අත්අඩංගුවට ගත් කාන්තාවවැඩිදුර විමර්ශන කටයුතු සඳහා හොරණ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

අත්අඩංගුවට ගත් කාන්තාව දීර්ඝ කාලයක සිට මෙම මත්පෙති හොරණ ප්‍රදේශයේ උපකාරක පංති සදහා සහභාගීවන පාසල් සිසුන් ඉලක්කකර ගෙන අලෙවි කිරීම සිදුකර ගෙන ගොස් ඇති බවට තොරතුරු වාර්තා වී තිබේ.