පියාගේ කොසු පහරින් 16 හැවිරිදි සිය පුතු මිය යයි..හේතුව මෙන්න.

Police Galle Karapitiya hospital The father kills the son Mahamodara
By Aruna Sep 30, 2021 05:54 AM GMT
Aruna

Aruna

Report

පාඩම් නොකළ සිසුවාට සිදු වූ දේ පාඩම් නොකළ නිසා පියා විසින් කොසු මිටකින් පහරදිම නිසා බරපතල තුවාල ලැබු පුතා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඊයේ(29) දින ඇතුලත්කර දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදි අද (30) අළුයම මියගොස් ඇති බව ගාල්ල පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ 16 හැවිරිදි ගාල්ල මහමෝදර සියඹලාගහවත්ත ප්‍රදේශයේ පදිංචි 11 වසර ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවකි.

මොහු පාඩම් වැඩ සිදුනොකිරිම නිසා ඉන් කෝපයට පත් පියා කොසුමිටකින් පාසල් සිසුවාගේ හිසට පහරදි ඇති බව දරුවාගේ මව විසින් කරාපිටිය රෝහල් පොලිසියට ප්‍රකාශයක් ලබාදි ඇත.

ඊයේ පස්වරු 3.00ට පමණ මෙම සිද්ධිය වි ඇත.

පසුව පාසල් සිසුවා විසින් තම හිස හිරිවැටි ඇති බව මවට ප්‍රකාශකොට ඇත.

පසුව පාසල් සිසුවා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත්කොට ඇත.

රෝහලේ දැඩි සතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදි අද අළුයම පාසල් සිසුවා මියගොස් ඇත.

මෙම සිද්ධියට සම්බන්ද සැකකාර පියා ගාල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු 49 හැවිරිදිවියේ පසුවන අයෙකි.

ගාල්ල පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

එච් එම් සමන් – අක්මීමන


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now