තවත් රූ රැජිනියකගේ ඔටුන්න ප්‍රසිද්ධියේ ගැලවෙයි...හේතුව මෙන්න.

A beauty queen Dle wilemstain Nedarland Lizzy dobbe
By Aruna Oct 13, 2021 08:26 AM GMT
Aruna

Aruna

Report

නෙදර්ලන්තයේ රූ රැජිනිය ලෙස කිරුළු පැලැඳි 21 හැවිරිදි ඩිලේ විලෙම්ස්ටෙයින් සිය COVID-19 එන්නත් මාත්‍රාව ලබාගැනීම ප්‍රතික්ෂේප කිරීමත් සමගින්ම මේ වසරේදී පැවැත්වෙන ලෝක රූ රැජින තරගයට සහභාගි වීමේ අවස්ථාව ඇයට අහිමි වී යන නිසා ඇයගේ කිරුළ ගලවා දෙවැනියාට දීමට තීන්දු කර ඇතැයි වාර්තා වනවා.

මෙවර ලෝක රූ රැජින තරගාවලිය සඳහා සහභාගි වත සියලුම රූප රාජිනියන් COVID-19 එන්නත් මාත්‍රා දෙකම ලබා ගෙන පූර්ණ එත්නත්කරණයක් සිදු කරගත යුතුව ඇති බවට එහි සංවිධායකයන් දැනුම් දී තිබියදී නිරූපිකාවක සහ නර්තන ශිල්පිනියක වන ඩිලේ තවමත් තමන් එම එන්නත් ලබා ගැනීමට සූදානමක් නොමැති බව පසුගියදා නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා.

"එන්නත ලබා ගන්න තවමත් මම පෞද්ගලිකවම සූදානම් නැහැ. එන්නත ගැන මට තවම හොඳක් දැනෙන්නේ නෑ.

ඉදිරියේදී මම එන්නත ලබා ගන්න යොමු වේවි." යනුවෙන් ඇය පවසා තිබුණා.

ඒ අනුව ඇගේ ස්ථානය නෙදර්ලන්ත රූප රාජිනී තරගයේ දෙවැනි ස්ථානය හිමි කරගත් lizzy dobbe වෙත පිරිනැමීමට නෙදර්ලන්ත බලධාරින් පියවර ගෙන තිබෙනවා.

ලබන දෙසැම්බර් මාසයේදී පෝර්ටෝ රිකෝහිදී ලෝක රූ රැජිනී තරගය පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGallery