ගෙදරට ආගිය තරුණයා 15 හැවිරිදි දැරිය අඹුකමට අරගෙන - අනුබල දුන් අම්මත් මාට්ටු වෙයි

YAKKAMULLA MINOR GIRL CHANDHANA HEVAGE MAHESHIKA
By Sewvandhi Nov 11, 2021 05:25 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පහළොස් හැවිරිදි බාලවයස්කාර දැරියක් දූෂණය කිරීම සම්බන්ධයෙන් 33 හැවිරිදි තරුණයකු සහ ඒ සඳහා අනුබල දුන් දැරියගේ මව අත්අඩංගුවට ගත් බැව් යක්කලමුල්ල පොලිසිය පවසයි.

මෙයට මාස තුනකට පමණ ඉහතදී මෙම දැරිය දූෂණයට ලක්ව ඇති බැව් පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා. සැකකරු මෙකී දැරියගේ නිවෙසට ආගිය අයකු බව පොලිසිය පවසයි.

ඉකුත් 06 වැනි දින දැරිය පුංචිගේ නිවෙසට යන බව පවසා නිවෙසින් පිටත්ව ගොස් ඇති බවත් සඳහන්. දැරිය නිවෙසට යළි නොපැමිණීම නිසා දැරියගේ මව පොලිසියට පැමිණිලි කර තිබෙනවා. දැරිය සැකකරු සමඟ යතුරුපැදියකින් ගොස් තිබෙනවා. ඇය 09 වසරේ ඉගෙනුම ලබන දැරියක්.

පසුව දැරිය හා සැකකරු පොලිසිය මඟින් අත්අඩංගුවටගෙන දැරිය අධිකරණ වෛද්‍ය පරීක්ෂණයකට යොමුකොට ඇති අතර එහිදී ඇය දූෂණයට ලක්ව ඇති බැව් අනාවරණය වී තිබෙනවා. සැකකරු හා දැරියගේ මව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ගාල්ල සහකාර පොලිස් අධිකාරි 03 සනත් අමරසිංහ ගේ අධීක්ෂණය යටතේ යක්කලමුල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක චන්දන හේවගේ සහ පොලිස් පරීක්ෂිකා මහේෂික යන නිලධාරිනිය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවත් සඳහන්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW


ReeCha