සුළු සේවකයාගේ කෙරුවාවෙන් විනිසුරුවරිය දොට්ට.... විඩියොත් ලික්
අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් කඩුවල මහේස්ත්‍රාත් අකරණයේ නිල මැදිරිය මුද්‍රා තැබීමට කටයුතු කර තිබේ.
ඒ කඩුවෙල මහේස්ත්‍රාත්වරිය ලෙස කටයුතු කරන කළ වානිමා විජයබණ්ඩාර මහත්මිය සම්බන්ධයෙන් එම කොමිසමට ලැබී ඇති පැමිණිලි මතයි.
මේ වන විට එම නිල කාමරය සඳහා පොලිස් ආරක්ෂාවද යොමු කර තිබේ. විජේබණ්ඩාර මහත්මියට එළඹෙන සඳුදා දින අධිකරණයට වෙත පැමිණ නිල කාමරය ඇති ඇයගේ පුද්ගලික බඩු භාණ්ඩ ලබාගැනීමටද අවස්ථාව ලබා දී ඇත.
කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩ ආවරණ කටයුතු අත්හිටුවීමටද කොමිෂන් සභාව විසින් කටයුතු කර තිබේ.
කෙසේ වෙතත් විනිසුරුවරියට මේවන අශෝභන හැසිරීම් සහ ලිංගික චෝදනා එල්ල වී තිබෙනවා. සිද්ධියට පාදක වී ඇත්තේ කඩුවෙල මහේස්ත්‍රාත්වරිය වූ චානිමා විජේබන්ඩාර සහ එම අධිකරණයේ ප්‍රධාන නීතිඥ වරයෙකු සමග මහේස්ත්‍රාත්වරියගේ නිල චෙම්බරය තුල රහසේ අශෝභන ලෙස හැසිරීමයි.
එකී සිද්ධිය අධිකරණයේ සුළු සේවකයන් විසින් වීඩියෝ ගත කර අධිකරණ අමාත්‍යාංශය සහ අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත යවමින් පරීක්ෂනයක් සිදුකරන ලෙස ඉල්ලා ඇති බව සඳහන්.
ඒ අනුව ක්‍රියාත්මක වූ අධිකරණ සේවා කොමිෂන් සභාව චෙම්බරයට සහ අධිකරණ භූමියට සීල් තබා මහේස්ත්‍රාත්වරියගේ සේවය අත් හිටුවා ඇත.
අධිකරණයට පොලිස් ආරක්ෂාව ලබා දී තිබේ. ලබන සඳුදාට(19) පැමිණ සිය පෞද්ගලික දේවල් රැගෙන යාමට පමණක් චානිමා විජේබන්ඩාරට අවසර දී තිබේ. ශ්‍රී ලංකාවේ අධිකරණයකට සීල් තැබූ පළමු අවස්ථාව මෙය විය හැකිය. එනම් සිද්ධිය එතරම්ම බරපතලයි. කෙසේ වෙතත් විනිසුරුවරියගේ සේවාව මේවන විට අත්හිටුවා තිබෙනවා.