ලංකා ඉතිහාසයේ විශාලතම ආයෝජනය මාලිමා ආණ්ඩුවෙන්.. - පචම කියන ලක්මාලි ආයි කට අරී..

Sri Lanka Politician Government Of Sri Lanka Current Political Scenario National People's Power - NPP Sinhala news
By Shehan May 17, 2025 06:26 AM GMT
Shehan

Shehan

Report

ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම ඍජු ආයෝජනය ලෙස ඇමෙරිකන් ඩොලර් බිලියන 3.7ක සිනොපෙක් ව්‍යාපෘතිය වත්මන් ආණ්ඩුව යටතේ ගෙන ආ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍ර පවසයි.

රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් ඇය සඳහන් කළේ, මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පෙර පැවති රජයන් සමඟ කිසිදු එකඟතාවක් ඇති නොවූ බවයි.


ඒ නිසා වත්මන් රජය ආයෝජන ගෙන නොආවේ යැයි කීම "සම්පූර්ණ අසත්‍යයක්" බව ඇය අවධාරණය කළාය.

"රට ණය කරන්න ආණ්ඩුවක් ඕන ද? අපි මේ වන තෙක් එක ඩොලරයකවත් ණයක් අරන් නැහැ," යැයි මන්ත්‍රීවරිය පැවසුවාය.

වත්මන් රජය රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ඍජු ආයෝජනවලට ප්‍රමුඛත්වය දෙන බවත්, සිනොපෙක් ව්‍යාපෘතිය ඒ සඳහා ප්‍රබල සාක්ෂියක් බවත් ඇය පෙන්වා දුන්නාය.

ReeCha