සතොසෙ හාල් කොටන්නෙත් පොළොන්නරුවේ මහ මෝල් හිමිකරුවා -ඔක්කොම එළියට
රජය මැදිහත් වී ගොවීන්ගෙන් වී මිලදීගෙන එම වී සහල් බවට පත් කර සතොස අලවිසෙල් හරහා ජනතාවට අලෙවි කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ.
ඒ අනුව රට පුරා පිහිටි සතොස අලවිසෙල් හරහා ජාතික සතොස ලෙස සන්නාම ගත කර මෙම සහල් මලුව වෙළඳපලට ඒ පාරිභෝගිකයන්ට මිලදී ගැනීමට අවස්ථාවක් උදාවී ඇත.
කෙසේ නමුත් රජය මිලදී ගන්නා ලද වී තොග සහල් බවට පත් කිරීම සඳහා අවශ්‍ය ඇඹරුම් යන්ත්‍ර රජය සතුව නොමැති වීම මත ඒවා ඇඹරීමේ කාර්යය පෞද්ගලික අංශයට මුදල් ගෙවා සිදු කර ගනිමින් ඇත.
. ඒ අනුව පොළොන්නරුව ප්‍රදේශයේ මහා පරිමාණ සහල් මෝල් හිමියෙකු විසින් මෙම වී තොග සහල් බවට පත්කර ඇසුරුම් කර රජයට භාර දෙමින් ඇත.
මෙවර කන්නනයේදී වී අලෙවි මණ්ඩලය විසින් මේ දක්වා වී මෙට‍්‍රික් ටොන් විසිදහසක් පමණ මිලට ගෙන ඇති අතර රජය වී මිලදී ගැනීමට වෙන් කර ඇති මුදල බිලියන දහයකි. මෙවර කන්නයේදී අපේක්‍ෂිත වී අස්වැන්න මෙටි‍්‍රක් ටොන් ලක්‍ෂ 25ක් පමණ වෙයි. මෙරට දෛනික සහල් පරිභෝජනයට වී මෙට‍්‍රික් ටොන් දස දහසක් පමණ අවශ්‍යය.