අධිකරණයෙන් ළමා රෝහලට දොස්.

Police spokesman Sri Lanka Sri Lanka Magistrate Court Colombo Hospital Death
By Hashini Oct 12, 2023 03:08 AM GMT
Hashini

Hashini

Report

 කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසුරිය බොරැල්ල පොලිසියට ඊයේ (11) නියෝග කළේ රිජ්වේ ආර්යා ළමා රෝහල තුලදී වකුගඩු සැත්කමකින් පසු මිය ගිය දරුවාගෙ වෛද්‍ය වාර්තා එම රෝහල විසින් මෙතෙක් පොලිසියට භාර නොදීම සම්ම්බන්ධයෙන් වහාම පියවර ගන්නා ලෙසයි.

මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කලේ අදාළ නඩු විභාගය පවත්වා ගෙන යාමේදී සාක්ෂිකරුවන්ට අදාළ පරීක්ෂණ වාර්තා පෙන්වා සාක්ෂි ලබා ගැනීමට අවශ්‍ය අවස්ථාවේ එම වෛද්‍ය වාර්තා නොතිබීම හේතුවෙන් නඩුවට බාධා පැමිණෙන බව සඳහන් කරමින්.

බොරැල්ල පොලිසිය විසින් අධිකරණයට දැනුම් දී තිබෙන්නේ මරණයට පත් දරුවාගේ සියලුම වාර්තා ලබා දෙන ලෙස ඉල්ලා සිටියත් මෙතෙක් එම වාර්තා ලබා දී නොමැති බවයි.

පොලිසිය විසින් එම රෝහලේ අධ්‍යක්‍ෂවරයා අධිකරණයේ නියෝග මත එම වාර්තා ලබා නොදීම සම්බන්ධයෙන් කරුණු වාර්තා කල යුතු බවත්, වාර්තා රෝහලෙන් ලබා නොදෙන්නේ නම් අධ්‍යක්‍ෂවරයා අධිකරණයට කැඳවිය යුතු බවත් මහේස්ත්‍රාත්වරිය පැවසුවා.


ReeCha