වාර්තාගත ලෙස මෙරට අඹ වලට සිදු වූ දේ. - අඹ මිලෙත් වෙනස්වීමක්.

Report

2023 වර්ෂයේ පැවැති දීර්ඝ කාලීන වියලි කාලගුණයෙන් පසු ඇතිවු වර්ෂාව හේතුවෙන් ලංකාවේ අඹ අස්වැන්න වාර්තාගත අයුරින් ඉහළ ගොස් ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ, අනුව රුපියල් 800ත් 1000ත් අතර මිලක පැවති TEJC අඹ කිලෝව මේ වන විට රුපියල් 400-500 අතර මිලක් දක්වා පහත වැටී තිබෙනවා.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, මේ වනවිට දිවයින පුරා අක්කර දහස් ගණනක අඹ වගා කරන අතර අපනයනය ඉලක්ක කර ගනිමින් වගා කරන TEJC අඹ ප්‍රභේදය අසීමාන්තිකව වගා කිරීම නිසා මිල පහල යාම මගින් නිෂ්පාදනය අඩාල විය හැකි බවයි.

වාර්තාගත ලෙස මෙරට අඹ වලට සිදු වූ දේ. - අඹ මිලෙත් වෙනස්වීමක්. | The Country S Mango Harvest Is Up

මෙම තත්ත්වය යටතේ අඹ වගාව තවදුරටත් ව්‍යාප්ත කළ යුතු දැයි විද්‍යාත්මක වාර්තාවක් දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇත..

කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ ඇති පශ්චාත් අස්වනු තාක්ෂණ ආයතනයේ දත්ත අනුව මෙරට වගා කෙරෙන සියලුම අඹ ප්‍රබේදවල වාර්ෂික අඹ අස්වැන්න ගෙඩි මිලියන 250ක් පමණ වන අතර 2023/24 අඹ වාරයේ එම ප්‍රමාණය ඉක්මවා ගිය අස්වැන්නක් ලැබී තිබෙනවා. 


                                                                            Sponsored By Sarrita Jewellery

වාර්තාගත ලෙස මෙරට අඹ වලට සිදු වූ දේ. - අඹ මිලෙත් වෙනස්වීමක්. | The Country S Mango Harvest Is Up