මේ පුද්ගලයා ගැන තොරතුරක් දන්නවා ද කියලා හොඳට බලන්න - සත්‍යය තොරතුරක් දුන්නොත් ලක්ෂ 25ක ත්‍යාග මුදලක්.. පොලිසියෙන් විශේෂ තීරණයක්. (PHOTOS)

Police spokesman Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By krishani Oct 20, 2023 04:11 PM GMT
krishani

krishani

Report

මේ පුද්ගලයා ගැන තොරතුරක් දන්නවා ද කියලා හොඳට බලන්න - සත්‍යය තොරතුරක් දුන්නොත් ලක්ෂ 25ක ත්‍යාග මුදලක්.. පොලිසියෙන් විශේෂ තීරණයක්. (PHOTOS) | The Constable Who Helped Harak Kata Escape

නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින අතරතුර දී ඔහුට අත්අඩංගුවෙන් මිදී පලා යාමට මුනිපාලගේ රවිදු සංදීප ගුණසේකර නම් පොලිස් කොස්තාපල්වරයා සැලසුම් සකස් කර කෙරිණ.

එම පොලිස් කොස්තාපල්වරයා පිළිබඳව සත්‍ය තොරතුරක් ලබා දෙන අයෙකුට රුපියල් ලක්ෂ 25ක ත්‍යාග මුදලක් ලබා දීමට පොලිස් මූලස්ථානය විසින් තීරණය කර ඇත.

ඒ අනුව මෙම කොස්තාපල්වරයා සැඟ වී සිටින ස්ථානයක් පිළිබඳ නිවැරදි තොරතුරක් වෙතොත් පහත දුරකථන අංක අමතා තොරතුරු ලබා දෙන මෙන් පොලිසිය ඉල්ලා සිටියි.

ත්‍රස්ත මර්දන සහ විමර්ශන කොට්ඨාසය

?සහකාර පොලිස් අධිකාරීවරයා - 0718591960 

? ස්ථානාධිපති විමර්ශන අංශය - 0718596150

කෙසේ වෙතත්, මොහු සම්බන්ධයෙන් තොරතුරු සපයන පුද්ගලයින්ගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීමට පොලිසිය කටයුතු කරන බව එම  නිවේදනයේ සඳහන් ය.

Gallery
ReeCha