තනිකඩ භට නිවාසයේ සිට විනය විරෝධී ක්‍රියාවක් කළ කොස්තාපල්වරියට සිදු වූ දේ.

Sri Lanka Police Sri Lanka
By Wayomi Nov 14, 2023 11:03 AM GMT
Wayomi

Wayomi

Report

රාජකාරි කරමින් සිටියදී තනිකඩ භට නිවාසයේ නාන කාමරයක් වෙත ආධුනික පොලිස් කොස්තාපල්වරයකු ගෙන්වාගෙන විනය විරෝධී ක්‍රියාවක් සිදු කළ පොලිස් කොස්තාපල්වරියගේ වැඩ තහනම් කර තිබෙනවා.

ඇය සේවය කරමින් සිට ඇත්තේ, කිරිබත්ගොඩ පොලීසියට අනුයුක්තවයි.

අදාල කොස්තාපල්වරිය සහ ආධුනික කොස්තාපල්වරයා නානකාමරේ තුළ සිටිනු තවත් පොලිස් කොස්තාපල්වරියක් දැක ඒ සම්බන්ධයෙන් පැමිණිලි කර ඇත.

ඒ, අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් කැලණිය පොලිස් අධිකාරී (1) විසින් විමර්ශනයක් සිදුකිරීමෙන් අනතුරුව ඊයේ (13)සිට මෙම වැඩ තහනම සිදුකර තිබෙනවා.  

ReeCha