ලාංකික තරුණියන්ට ජපානයෙන් රන් අවස්ථාවක් – විදේශ රැකියා දොරටු විවෘත වෙයි

Report

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE) සහ ජපානයේ ජාත්‍යන්තර මානව සම්පත් සංවර්ධන සංවිධානය (IM Japan) අතර ඇති අවබෝධතා ගිවිසුම යටතේ, තවත් ශ්‍රී ලාංකික තරුණියන් පිරිසකට ජපානයේ හෙද සත්කාර ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවී ඇත.

ජූලි 16 වැනිදා ජපානය බලා පිටත්ව යාමට නියමිත තරුණියන් 9 දෙනෙකු වෙත ගුවන් ටිකට්පත් ලබාදීම ඊයේ (14) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී සිදු කෙරිණි. මෙම අවස්ථාවට මේ දිනවල ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත IM Japan ආයතනයේ නියෝජිතයින් පිරිසක් ද සහභාගි වූහ.

සජිත් තනිවෙයි?මාලිමා පාරේ ගිය තවත් සජබේ 6ක් පන්නයි

සජිත් තනිවෙයි?මාලිමා පාරේ ගිය තවත් සජබේ 6ක් පන්නයි

IM Japan නියෝජිතයින් ඊයේ (14) කාර්යාංශයේ අතිරේක සාමාන්‍යාධිකාරි (ජාත්‍යන්තර කටයුතු) සෙනරත් යාපා මහතා හමුවූ අතර, එහිදී: තාක්ෂණික සේවාස්ථ පුහුණු වැඩසටහන සහ විශේෂිත නිපුණතා සහිත ශ්‍රමික වැඩසටහන යටතේ නව රැකියා අවස්ථා ලබාදීම, රැකියා ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම, ප්‍රායෝගික පුහුණුව ලබාදීම, ආදිය පිළිබඳව සාකච්ඡා කර ඇත.

මෙම සාකච්ඡාවලදී, ජපානයේ සේවයෙහි යෙදෙන ශ්‍රී ලාංකික පුහුණුලාභීන් සහ ශ්‍රමිකයින් ගේ භාෂා හැකියාව සහ සේවා ගුණාත්මකභාවය ඉහළින් පැසසුමට ලක්ව ඇත. තවද, ශ්‍රී ලාංකිකයින් සඳහා ඉදිරියේදී තවත් රැකියා අවස්ථා ලබාදීමට කටයුතු කරන බව IM Japan නියෝජිතයින් ප්‍රකාශ කළේය.

අද සිට රාජ්‍ය සේවකයන්ගේ වැටුපෙන් 1/30ක් කප‍යි

අද සිට රාජ්‍ය සේවකයන්ගේ වැටුපෙන් 1/30ක් කප‍යි

රැකියා අවස්ථා

මෙම වැඩසටහන් යටතේ මේ වන විට:

තාක්ෂණික පුහුණුලාභීන්: සාත්තු සේවා, ඉදිකිරීම්, නිෂ්පාදන, මෝටර් කාර්මික නඩත්තු, කෘෂිකර්ම යන ක්ෂේත්‍රවල 589 දෙනෙකු ජපානයේ රැකියාවලට යොමු කර ඇත.

විශේෂිත නිපුණතා සහිත ශ්‍රමිකයින්: හෙද සත්කාර සහ ආහාර සේවා කර්මාන්ත යටතේ 43 දෙනෙකු ජපානය වෙත යොමු කර ඇත.

සුබ ආරංචියක්, ලංකා බැංකුවෙන් සහ මහජන බැංකුවෙන් ඇප නැතුව ණය - මාලිමා මන්ත්‍රී

සුබ ආරංචියක්, ලංකා බැංකුවෙන් සහ මහජන බැංකුවෙන් ඇප නැතුව ණය - මාලිමා මන්ත්‍රී

මෙම වැඩසටහන් හරහා ශ්‍රී ලාංකික තරුණ තරුණියන් ට ජපානයේ ඉහළ ගුණාත්මක රැකියා අවස්ථා හිමිවන අතර, ඔවුන්ගේ නිපුණතා සහ භාෂා හැකියාව වැඩිදියුණු කිරීම තුළින් ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ආදායම ඉහළ නැංවීමට ද මෙය හේතුවනු ඇත.