ඩයනාගේ සිද්ධිය සොයන කමිටුව අද.

Parliament of Sri Lanka Mahinda Yapa Abeywardena Sri Lanka Samagi Jana Balawegaya Diana Gamage
By Hashini Nov 06, 2023 02:44 AM GMT
Hashini

Hashini

Report

ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය සහ මන්ත්‍රීවරු කිහිපදෙනෙකු අතර පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී ඇති වු සිද්ධිය පිළිබඳව කරුණු සොයාබැලීමට පත් කළ කමිටුව අද (06) රැස්වීමට නියමිතව තිබෙනවා.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් එම කමිටුව පත්කර තිබෙනවා.

පසුගිය දා පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය සහ සමගි ජනබලවේලය පක්ෂයේ රෝහණ බණ්ඩාර සහ සුජිත් සංජය පෙරේරා මන්ත්‍රීවරුන් අතර ගැටුම්කාරී තත්ත්වයක් හටගෙන තිබුණා.

නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව පත්කළ අතර එම සිදුවීමට අදාළ පාර්ලිමේන්තුවේ CCTV දර්ශන ද අදාළ කමිටුව විසින් පසුගියදා නිරීක්ෂණය කරනු ලැබීය.

අද දිනයේ මෙම සිදුවීමට සම්බන්ධ පාර්ශව කමිටුව හමුවට කැඳවා ඇති බව වාර්තා වනවා.

අදාළ පාර්ශවයන්ගෙන් කරුණු විමසීමට නියමිත අතර අනතුරුව ගනු ලබන නිගමනය කථානායකවරයා වෙත දැනුම්දීමට නියමිතයි.

මෙම කමිටුවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් දෙදෙනෙකුගේ ද සහාය ලබාගැනීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව අද දිනයේ පැවැත්වෙන මෙම කමිටුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීනි වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සහ තලතා අතුකෝරළ යන මහත්මීන් ද එක්වීමට නියමිතයි.

කමිටුව මඟින් සිදුකරන විමර්ශනවලදී යම්කිසි පාර්ශවයක් වැරදිකරුවන් බවට පත්වුවහොත් ඔවුන්ට මාස තුනක කාලයක් පාර්ලිමේන්තු සභාවාර අහිමි වීමද සිදු වනවා.

ReeCha