ආයෙත් වනසපු නුවර
නුවරඑළියේ පැවති රාජ්‍ය වෙසක් උත්සවය නැරඹීමට පැමිණි පිරිසෙන් සමහර පුද්ගලයන් නගරයේ සුන්දර පරිසරය විනාශකර දමා ගොස් ඇති බව වාර්තා වේ.
ඒ අනුව රාජ්‍ය වෙසක් උත්සවය පසුගිය 10 වන දා සිට 16 වන දින දක්වා පැවතුණි.
ඒ කාලය තුළ දී වෙසක් උත්සවය නැරඹීමට පැමිණි පිරිස සඳහා පෞද්ගලික ආයතන කිහිපයක් සහ ප්‍රදේශවාසීන් රැසක් එක්ව දන්සැල් රැසක් පවත්වන ලදි.
එහි දී රාජ්‍ය වෙසක් උත්සවය නැරඹීමට පැමිණි පිරිසට මෙන්ම නගරයට පැමිණෙන සංචාරකයන්ට ද අපද්‍රව්‍ය බැහැර කිරිම සඳහා ක්‍රමවේද සකසා තිබුණු බව සඳහන්.
ඒ නුවරඑළිය මහ නගර සභාව මඟින් සහ රාජ්‍ය වෙසක් උත්සවයේ සංවිධායකයන් විසින් එම අපද්‍රව්‍ය බැහැර කිරිමට කසල බදුන් රැසක් තැබීමෙන්.
එසේ වුව ද ඇතැමි පිරිස් විසින් එම අපද්‍රව්‍ය නුවරඑළිය පරිසරයටම මුදා හැර ඇති බව වාර්තා විය.
මේ වන විට එසේ පරිසරයට මුදාහැර තිබෙන අපද්‍රව්‍ය නගරයේ සැරි සරන පෝනියන් සහ කපුටන් විසින් ඇද දමන බව ද සඳහන්.
තවද මේ දිනවල නුවරඑළිය ප්‍රදේශයේ පවතින අයහපත් කාලගුණයත් සමඟ මේ තත්ත්වය විශාල පරිසර හානියක් බවට පත්ව ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.
