මල් මිටක් කඩන්න වැවට ගිය දරුවා දිය රකුසට බිළි වේ

Sri Lanka Police Death Funeral Sinhala news gagana news
By Mithu Aug 14, 2025 04:50 AM GMT
Mithu

Mithu

Report

තවත් අවාසනාවන්ත සිදුවීමක් පිළිබදව ගොකරැල්ල පොලිස් වසමේ මැද්ද්කැටිය ප්‍රදේශයෙන් වාර්තාවේ.

ඒ අනුව අවාසනාවන්ත අයුරින් මැද්දකැටිය වැවේ ගිලී දරුවෙකු මිය ගොස් තිබේ. ගොකරැල්ල පොලිසිය සඳහන් කළේ අවුරුදු 15ක හබරණ ප්‍රදේශයේ පදිංචි දරුවෙකු මෙලෙස මියගොස් ඇති බවය.

හංවැල්ලෙ වෙඩි වරුෂාවක් - "බුදු අම්මෝ කියලා කෑ ගහන සද්දේ ඇහුණා. .මම පුතාව බිම නිදිකරවා ගත්තා"

හංවැල්ලෙ වෙඩි වරුෂාවක් - "බුදු අම්මෝ කියලා කෑ ගහන සද්දේ ඇහුණා. .මම පුතාව බිම නිදිකරවා ගත්තා"

අදාළ දරුවා ඊයේ (13) සවස් කාලයේදී තවත් මිතුරන් කිහිපදෙනෙකු සමඟ මැද්දකැටිය වැවේ නෙළුම් මල් කැඩීමට ගොස් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇති බව පැවසෙයි. එම දරුවන් පුද්ගලික අධ්‍යාපන ආයතනයක නේවාසිකව සිටිමින් අධ්‍යාපනය හදාරන දරුවන් පිරිසක් බව සදහන්.

මිය ගිය දරුවාගේ මෘතශරීරය ගොකරැල්ල පොල්ගොල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

කමල් අද්දර ආරච්චිට කරදරයක්?මෙන්න ඇත්තම විස්තරේ

කමල් අද්දර ආරච්චිට කරදරයක්?මෙන්න ඇත්තම විස්තරේ