මුදල් සම්බන්ධයෙන් මහ බැංකුවෙන් නිවේදනයක් නිකුත් කරයි..
By Aruna
ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ජනතාවට පණිවිඩයක් ශ්‍රී ලංකා මහ බැංකුවේ පවත්වා ගෙන යන පළුදු නෝට්ටු හුවමාරු කවුළුව බදාදා දිනයන් හි පමණක් විවෘතව තැබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව සදහන් කළේ, මහජනතාව වෙනුවෙන් පවත්වාගෙන යන පළුදු නෝට්ටු හුවමාරු කවුළුව 2022 මැයි 19 වන දින සිට නැවත දැනුම් දෙන තුරු බදාදා දින පමණක් (රජයේ නිවාඩු දිනයන් හැර) විවෘත තැබෙන බවයි.
ඒ අනුව බදාදා දිනයන් හි පෙ.ව. 9.00 සිට මධ්‍යහ්න 12.00 දක්වා මහජනතාවට පළුදු නෝට්ටු හුවමාරු කර ගැනීමට අවස්ථාව හිමිවේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |