කතකට අතින් කළ අසැබි සංඥාව නිසා රියදුරෙක්ට වැඩ වැරදෙයි - කුඩා දියණියත් මව එක්ක ඉඳලා..

Report

පෞද්ගලික බස් රථ රියදුරෙක් විසින් මෝටර් රථයක් පදවාගෙන යමින් සිටි කාන්තාවකට අසභ්‍ය හස්ත සංඥාවක් සිදුකළ බවට පුවතක් වාර්තා වේ.

එම චෝදනාව මත පෞද්ගලික බස් රථ රියදුරෙකු අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලීසිය සඳහන් කළේ ය.

කතකට අතින් කළ අසැබි සංඥාව නිසා රියදුරෙක්ට වැඩ වැරදෙයි - කුඩා දියණියත් මව එක්ක ඉඳලා.. | The Bus Driver Was Arrested At Bambalapitiya

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාර්ග අංක 138 හෝමාගම - පිටකොටුව පෞද්ගලික බස් රථයක රියදුරෙක් ය.

අදාළ කාන්තාව ඇයගේ මෝටර් රථයේ සිය 10 හැවිරිදි දියණිය සමග විහාරමහා දේවී උද්‍යානය කරා ගොස් ඇත.

ඒ (ගගන) සඳහා ඇය  හයිලෙවල් මාර්ගය ඔස්සේ මෝටර් රථය ධාවනය කර ඇති අතර තිඹිරිගස්සයාය හැව්ලොක් පාර ඩික්මන් හන්දිය මාර්ග සංඥා අසල දී මෝටර් රථය නවතා තිබෙනවා.

එහිදී වාහන ඉදිරියට ධාවනය කිරීම සඳහා සංඥා ලැබීමත් සමගම ඇය සිය මෝටර් රථය බස් රථයට ඉස්සර කර ඇත.

කාන්තාවක් බිම පෙරළාගෙන සිදුකළ කැත වැඩේ - ලක්ෂ දාහතක් ගැන කාන්තාවගෙන් පැමිණිල්ලක්..

කාන්තාවක් බිම පෙරළාගෙන සිදුකළ කැත වැඩේ - ලක්ෂ දාහතක් ගැන කාන්තාවගෙන් පැමිණිල්ලක්..


පසුව ජනේලයෙන් දකුණු අත දමා එම හස්ත සංඥාව පෙන්වා ඇති බව වාර්තා වේ.

ඒ සම්බන්ධයෙන් ඇය කුරුඳුවත්ත පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි කාන්තා උප පොලිස් පරීක්ෂක රෝෂිනි නිලුශිකා සිරිවර්ධන මහත්මිය වෙත පැමිණිලි කර ඇත.

කෙසේ වෙතත්, අදාළ සිදුවීම බම්බලපිටිය පොලිස් වසමේ සිදුවී ඇති බැවින් පැමිණිල්ලේ පිටපතක් එම පොලීසිය වෙත ලැබීමෙන් අනතුරුව පොලිසිය විසින් විමර්ශන පවත්වා තිබෙනවා. 

කතකට අතින් කළ අසැබි සංඥාව නිසා රියදුරෙක්ට වැඩ වැරදෙයි - කුඩා දියණියත් මව එක්ක ඉඳලා.. | The Bus Driver Was Arrested At Bambalapitiya

ඉන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 50ක් වන බෙංගමුවේ පදිංචිකරුවෙක් වේ.