තමන්ගේම 14 හැවිරිදි නංගිව අඹුකමට ගත් නරුම අයියා..නංගි ගඟට පනින්න යද්දි වෙච්ච දේ මෙන්න.
මවට හා පියාට මරණ තර්ජනය කොට බියවද්දා වසර තුනක් පුරා තම දාහතර හැවිරිදි නැගණිය බරපතළ ලෙස අපයෝජනයට ලක් කළ විසි දෙහැවිරිදි සොයුරකු ලබන මස 3 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගම්පොල මහෙස්ත්‍රාත් හා දිසා විනිසුරු ශීනිත් විජේසේකර නියෝග කර තිබෙනවා.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත වූයේ ගම්පොල රත්මල්කඩුව හාටිෂෙල් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මත්කුඩුවලට තදින්ම ඇබ්බැහි වී ඇති මෙම පුද්ගලයාගෙන් දිනපතාම එල්ල වන මෙම අතවරවලින් බේරීමට නොහැකි ව සිටි මෙම 14 හැවිරිදි දැරිය සියදිවි නසා ගැනීමෙ අරමුණින් පේරාදෙණිය පාලම මතින් ගඟට පැනීමට උත්සාහ කළ අවස්ථාවක ත්‍රිරෝද රථ රියැදුරකු ඇය බේරාගෙන පේරාදෙණිය පොලිසියට භාරදීමෙන් පසු මෙම සිද්ධිය හෙළි වී ඇති බව පරීක්ෂණ පවත්වන ගම්පොල පොලිසිය පවසයි.
මෙම විසි දෙහැවිරිදි තරුණයා ගේ වැඩිමහල් සොයුරාද මත්ද්‍රව්‍යවලට තදින්ම ඇබ්බැහි වී සිටියද ඔහු විවාහ වී වෙනත් ප්‍රදේශයක පදිංචියක සිටින බව පොලිසිය පවසයි.
මව පියා හා නැගනිය සමග සිටින මෙම තරුණයා මෙම සිද්ධිය පොලිසියට හෝ වෙනත් අයකුට පැවසුවහොත් ඔවුන් මරණ බවට තර්ජනය කරන බවත් ඒ නිසා එය හෙළි නොකළ බවත් මව විසින් පොලිසියට පවසා තිබෙනවා.
| සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  | 
 
                 
                     
                                             
         
     
     
     
                             
        ![බන්ධනාගාරවල 64% මත්ද්‍රව්‍ය නාමිකයින් - ජනපති හෙළි කරයි [VIDEO]](https://cdn.ibcstack.com/article/2d8ce6b0-229f-4ea8-8598-671bccef29b6/25-69030329f1320-sm.webp) 
        ![රනිල් අධිකරණයට - රනිල් වෙනුවෙන් මැති ඇමතිවරු රැසක් එකතු වේ [VIDEO]](https://cdn.ibcstack.com/article/9d16374e-d8e9-4f54-8891-bc88a8ee9605/25-6901c9e577745-sm.webp) 
        ![නාරහේන්පිට ගින්න - නිවාස සංකීර්ණයේ සිරවී සිටින කට්ටිය මුදාගැනීමට දැඩි වෙහෙසක් [VIDEO]](https://cdn.ibcstack.com/article/73681d00-7b87-4620-9d80-4f7030a8fde7/25-690195b987668-sm.webp) 
        ![ලේඩිස්ලට රට යන්න දෙන්නේ නෑ ගියපු අය ඉන්නේ මඩම්වල - ආන්දෝලනාත්මක වීඩියෝවේ ඇත්ත නැත්ත [VIDEO]](https://cdn.ibcstack.com/article/8c0ee2cb-0a47-46b0-b2ce-c84e0317f412/25-6900d84571fd1-sm.webp) 
        ![වැලිගම සභාපති ඝාතනයේ වෙඩික්කරු සියල්ල වමාරයි - කොන්ත්‍රාත්තුව ඩුබායි වලින්ලු.. [VIDEO]](https://cdn.ibcstack.com/article/c177408b-beaf-411b-9de0-cc4fbac35be4/25-68fe794a2a88e-sm.webp) 
         
         
        ![වැලිගම සභාපති ලසන්තට වෙඩි තබා පලා යාමේ CCTV දර්ශණ මෙන්න [VIDEO]](https://cdn.ibcstack.com/article/a01f3a8c-4ee0-4b04-b1b9-31e5260c5c8b/25-68f891be30aee-sm.webp) 
         
         
         
         
         
         
         
        ![චූටි පහන්දිට මොකද මේ වෙලා තියෙන්නේ [PHOTOS]](https://cdn.ibcstack.com/article/737a188e-5694-4aac-a335-0a8993c7a114/25-6904a6211aec7-sm.webp) 
         
         
         
         
         
         
         
        