තම කුඩා නැගණියව අපයෝජනය කළ 15 හැවිරිදි අයියා - දැරිය සියල්ල වෛද්‍යවරුන්ට හෙළි කරලා..

Report

නව හැවිරිදි වියේ පසු වූ සිය නැඟනිය අපයෝජනයට ලක් කළ පහළොස් හැවිරිදි සොයුරෙක් පිළිබඳව තොරතුරු වාර්තා වේ.

ඔහුව බේරුවල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මග්ගොන - මාගල්කන්ද ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවක් ය.

පොලිසිය සඳහන් කළේ නව හැවිරිදි දැරිය වෙනත් අසනීපයක් සඳහා නාගොඩ රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර සිටිය දී ඇයට සිදු වූ මෙම අපයෝජනය සම්බන්ධයෙන් වෛද්‍යවරුන්ට පවසා ඇති බවයි.

ඉන් පසුව නාගොඩ රෝහලේ වෛද්‍යවරුන් විසින් දැරියගේ ප්‍රකාශය අනුව ක්‍රියාත්මක වී පොලීසිය දැනුවත් කර තිබෙනවා.

ඒ අනුව මෙම සිසුවා අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේ ය.