අතුරුදන් වූ සිසුවාගේ සිරුර හමුවේ.
Police spokesman
Missing Persons
Kandy
Sri Lanka
Death
By Hashini
මහනුවර - ගලහා, දෙල්තොට ප්‍රදේශයේදී සැඩ පහරකට හසුවී ගසාගෙන ගොස් අතුරුදන්ව සිටි පාසල් සිසුවාගේ සිරුර හමුවී තිබෙනවා.
දෙල්තොට ලිට්ල් වැලි ප්‍රදේශයේ පදිංචිව සිටි 10 හැවිරිදි වියේ පාසල් සිසුවෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ (11) පස්වරුවේ ශිෂ්‍යත්ව විභාගයේ අතිරේක පන්තියකට සහභාගීවීමෙන් අනතුරුව සිය නිවස වෙත එමින් සිටියදී මෙම අනතුරට ඔහු මුහුණ පා ඇත්තේ.
පවතින අධික වර්ෂාව හේතුවෙන් දරුවාගේ නිවසට යන මාර්ගයේ ඇළ මාර්ගයක් හරහා තිබූ අනාරක්ෂිත පාලමකින් එගොඩ වීමට යාමේදී සැඩපහරට හසුවී ගසාගෙන ගොස් තිබෙනවා.
ගලහ පොලීසිය සහ ප්‍රදේශවාසින් එක්ව සිසුවා සෙවීමේ මෙහෙයුම් දියත් කෙරුණා.
පාසල් දරුවාගේ සිරුර සැඩ පහරට හසුව ගසාගෙන ගිය ස්ථානයේ සිට කිලෝමීටර් 3ක පමණ දුරකින් පිහිටි ස්ථානයක තිබියදී අද (12) සොයා ගැනුණා.
