ගණිතය ඉගෙනගන්න ගිය 14 හැවිරිදි දැරියකගේ මළසිරුර ඇඳක් මතින් හමුවෙයි..සංවේදී සිදුවීමක්.(VIDEO)

Police School girl The body of a teen girl
By Aruna Oct 10, 2021 04:25 AM GMT
Aruna

Aruna

Report

දඹුල්ල කලෝගහඇල ප්‍රදේශයේ නිවසක තිබී 14 හැවිරිදි දැරියකගේ මළ සිරුරක් සොයාගෙන තිබේ.

කලෝගහඇල ප්‍රදේශයේ නිවසක, ඝාතනය කළ දැරියකගේ මළ සිරුරක් තිබෙන බවට ලද තොරතුරු මත දඹුල්ල පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ දඹුල්ල අතුපාරයාය ප්‍රදේශයේ පදිංචිව සිටි දැරියකි.

පසුගිය 6වනදා අසල්වාසී නිවසක සිටි පුද්ගලයෙක් විසින් ඔහුගේ දියණියට ඉගැන්වීමේ කටයුතු කිරීම සඳහා පවසමින් එම මිය ගිය දැරියව යතුරු පැදියෙන් රැගෙන ගොස් ඇත.

පසුව සිය දියණිය නිවසට නොපැමිනීම හේතුවෙන් ඇයගේ දෙමාපියන් විසින් පසුගිය 7වනදා අදාළ පුද්ගලයා සිටි නිවසට ගොස් තිබේ.

එම නිවසේ කිසිවෙකුත් නොමැතිවීම හේතුවෙන් එම පිරිස මීට මාස 2කට පමණ පෙර කුලියට ගෙන පදිංචිව සිටි නිවසකට ගොස් ඇත.

එම නිවසද අගුළුදමා තිබීම හේතුවෙන් දෙමාපියන් මේ සම්බන්ධයෙන් දඹුල්ල පොලීසියට පැමිණිලි කර තිබේ.

ඒ අනුව ඊයේ (09) කුලියට නැවති සිටි නිවස පරීක්ෂා කිරීමේදී එම නිවසේ ඇඳක් මත තිබී දැරියගේ මළ සිරුර සොයාගෙන ඇත.

දැරිය රැගෙන ගිය සැකකරු සහ ඔහුගේ බිරිඳ මේ වන විට ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට දඹුල්ල පොලීසිය විමර්ශන සිදුකරයි.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now