බලය හිමි වුවත් මාලිමාවට තවත් පරාජයක් - කොලොන්න ප්‍රාදේශිය සභාවේ අයවැයත් පරදී
ජාතික ජනබලවේගයේ බලය හිමි කොලොන්න ප්‍රාදේශිය සභාවේ 2027 වර්ෂය වෙනුවෙන් වන අයවැය ජාතික ජනබලවේගය පරාජයට පත් වී ඇති බව වාර්තා වේ. ඒ පක්ෂව ඡන්ද 9ක් සහ විපක්ෂව ඡන්ද 10ක් ලෙසයි.
ඒ අනුව කොලොන්න ප්‍රාදේශිය සභාවේ 2027 වර්ෂය වෙනුවෙන් වන අයවැය අද පළමු වරට සභාවට ඉදිරිපත්කරනු ලැබුවේ මාලිමාවට බලය හිමි ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් ගුණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.
එසේම 2026 වර්ෂයේ අයවැයද ජාතික ජනබලවේගය පරාජයට පත්ව තිබුණා.
කොලොන්න ප්‍රදේශිය සභාව විපක්ෂයට ආසන 10ක් සහ ආණඩු පක්ෂයට ආසන 9ක් ලෙස පවතී.
කෙසේ වුවද සභාපතිවරයා පත්කිරීමේ රහස් ඡන්දයෙන් වැඩි ඡන්ද ලබාගනිමින් අඩු ආසන සංඛ්‍යාවක් දිනාගත් ජාතික ජනබලවේගයෙන් සභාපතිවරයා තේරී පත්ව තිබුණා.