දුම්රිය වැසිකිළියේ දමා ගිය බිළිඳාගේ මව සහ පියා සොයාගැනේ. මව කළ පාපොච්චාරණය මෙන්න.(VIDEO)
ඊයේ (10) රාත්‍රී 7ට පමණ මඩකලපුව බලා පිටත්ව යාමට සූදානම්ව තිබූ මීනගයා දුම්රියේ දමා ගොස් සිටියදි මගීන් සහ දුම්රිය බලධාරීන් විසින් සොයාගනු ලැබූ, බිළිඳාගේ මව්පියන් සොයාගෙන තිබෙනවා.
26 හැවිරිදි අවිවාහක යුවළක් වන ඔවුන් දෙදෙනාව බණ්ඩාරවෙල සහ කොස්ලන්ද පොලිස් ස්ථාන මගින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වන්නේ.
සැකකාර තරුණයා දෙහිවල ප්‍රදේශයේ රැකියාවක නිරතවී ඇති අතර තරුණියට දරුවෙකු ලැබීමට සිටින බව ආරංචි වීමෙන් පසු ඇයව ද ගෙන්වාගෙන කොළඹ ප්‍රදේශයේ නතර කරගැනීමට ඔහු කටයුතු කර තිබෙනවා.
ඒ අනුව පසුගිය 25 වනදා දරුවා ලැබී ඇති අතර ඊයේ මෙලෙස දුම්රිය තුළ දමාගොස් තිබුණා.
බණ්ඩාරවෙල නායබැද්ද හා කොස්ලන්ද යන ප්‍රදේශවලදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගෙන් මේ වනවිට වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදු කෙරෙනවා.
එහිදී දරුවාගේ මව පොලිසියට පවසා ඇත්තේ, කවුරුන් හෝ බිළිඳාව රැගෙන ගොස් ආරක්ෂාකාරීව හදාගනී යැයි සිතා එලෙස දමාගිය බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්. වැඩි විස්තර මෙතැනින් |