රජයෙන් දුන් විදුලි මෝටර් රථ ගෙන්වීමේ වාසිය අවභාවිතා කරලා.

Sri Lanka Electric Vehicle
By Hashini Oct 22, 2023 11:26 AM GMT
Hashini

Hashini

Report

 විදේශගත ශ්‍රමිකයන් සඳහා විදුලි මෝටර් රථ ගෙන්වීමට ලබා දී ඇති අවස්ථාව අවභාවිතා කරමින් එක් ආයතනයක් විසින් මෝටර් රථ 75ක් ගෙන්වා ඇති බව හෙළි වී තිබෙනවා.

විදේශගත ශ්‍රමිකයන්ට මෙම පහසුකම ලබාදී ඇත්තේ විදේශ රැකියා අමාත්‍යාංශය විසින් විදේශ ප්‍රේෂණ මෙරටට එවීම දිරිමත් කිරීමේ අරමුණෙනි.

එලෙස රජය විසින් ගනු ලැබූ ප්‍රතිපත්තිය මත බිලියන 1.2කට ආසන්න වටිනාකමකින් යුතු විදුලි මෝටර් රථ 119 ක් ආනයනය කර තිබෙනවා.

ඉන් වාහන 75 ක්ම එක් ආයතනයක් මඟින් ආනයනය කිරීමෙන් මෙම ක්‍රියාවලිය අවභාවිත වී ඇති බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

මෙම වාහන ආනයනය කිරීමට පෙර එම බලපත්‍ර අලෙවි කිරීමට මෙම ජාවාරම්කරුවන් කටයුතු කර තිබෙනවා.

එසේම වාහන බලපත්‍රයේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් 250,000 ක් වන විට බලපත්‍රය අලෙවි කිරීම සඳහා රුපියල් මිලියන 5 ක මුදලක් අය කරනු ලබන බවටත් අනාවරණය වී ඇති බව සඳහන් වනවා.


ReeCha