ත්‍රස්තවාදය අහෝසි කිරීමේ පනත කඩිනමින් අහෝසි කිරීමට රජයෙන් තීරණයක්

Government Of Sri Lanka Sri Lanka Prevention of Terrorism Act Sinhala news
By Mithu Apr 20, 2025 08:29 AM GMT
Mithu

Mithu

Report

 යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකා අපනයන සඳහා ලබා දී ඇති GSP+ බදු සහනය දීර්ඝ කර ගැනීමේ අරමුණින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කඩිනමින් අහෝසි කිරීමට රජය පියවර ගෙන තිබේ.

මෙම බදු සහනය ලබා දීම පිළිබඳව සමාලෝචනය කිරීමට ලබන මැයි මස යුරෝපා සංගමයේ කණ්ඩායමක් මෙරටට පැමිණීමට නියමිත අතර ඔවුන් මේ සඳහා ලබා දී ඇති ප්‍රධානපෙළේ කොන්දේසියක් ලෙස සඳහන් වන්නේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනයට ලක් කිරීම හෝ අහෝසි කිරීමයි.

පාස්කු කොමිෂන් වාර්තාව CIDයට

පාස්කු කොමිෂන් වාර්තාව CIDයට

එහිදී ශ්‍රී ලංකාව පාර්ශ්වයෙන් අපනයන විවිධාංගීකරණය GSP + සහනය ලබා ගැනීම පිළිබඳ ඔවුන් සමග සාකච්ඡා කිරීමට නියමිත බව ‘ඉරිදා මව්බිම’ කළ විමසීමකදී ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මේ බව පැවසීය.

නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, රටේ ත්‍රස්තවාදී ක්‍රියාවක් හෝ යම් ගැටලුවක් ඇති නොවී මානව අයිතිවාසිකම් ආරක්ෂා වීම මෙරට තුළ සිදුවිය යුතු බවට වන රජයේ පිළිගැනීම යුරෝපා සංගමය ද බලාපොරොත්තුවෙන් සිටින අතර එවැනි තත්ත්වයක් රට තුළ ස්ථාපිත කළහොත් gsp + සහනය අපට ඉදිරියට ම පවත්වාගෙන යෑමට එම සංගමයේ සහාය හිමි වන බව ය. මෙම සියලු කරුණු සැලකිල්ලට ගනිමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත රජය විසින් කඩනමින් අහෝසි කරනු ලැබීමට නියමිතව තිබේ.

විශේෂයෙන් ම පසුගිය රජයන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ජනතාව මර්දනය කරමින් සිය දේශපාලන වුවමනාවන් ඉටුකර ගැනීමට මෙම පනත භාවිත කිරීම යුරෝපා සංගමයේ දැඩි අප්‍රසාදයට හේතු වී තිබේ. ඒ අනුව, මෙම පනත පිළිබඳව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාරගෙන් විමසූ විට ඔහු ප්‍රකාශ කළේ, මෙම පනත කඩිනමින් අහෝසි කිරීමට රජය කටයුතු කිරීමට සූදානමින් සිටින බව ය.

අධිකරණ අමාත්‍යවරයා පැවසුවේ, මෙම පනත පිළිබඳ මහජන අදහස් සිවිල් සංවිධාන ඇතුළු සංවිධාන රැසකගේ අදහස් මේ වන විටත් විශාල ප්‍රමාණයක් ලබාගෙන ඇති අතර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පිළිබඳව නැවත මුල සිට සමීක්ෂණය කළ යුතු නැති බැවින් එය කඩිනමින් අහෝසි කිරීමට සූදානම් බව ය. ඒ අනුව, එම පනත අහෝසි කිරීමට පෙර මෙරට මානව හිමිකම් ආරක්ෂා වීම ගෝලීය ත්‍රස්තවාදය වැළැක්වීමට මුහුණ දීම, නීතියේ විධානය ආධිපත්‍යය සුරැකීම වෙනුවෙන් නීතිමය රාමුවක් සැකසීම අවශ්‍ය බව ත් එය ද කඩිනමින් සිදුකරන බව ත් අමාත්‍යවරයා වැඩිදුර ත් පෙන්වා දුන්නේ ය.

බීමතින් සිටි සිකුරුටි ප්‍රභාකරන්ට බයවී කුටිය ගිනි තියයි

බීමතින් සිටි සිකුරුටි ප්‍රභාකරන්ට බයවී කුටිය ගිනි තියයි

ReeCha