ලංකාවම රනින් බැබල වූ තරුෂිට ලංකාවෙන් ලැබුණ දේ..
Sri Lanka
By krishani
ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ දී රන් පදක්කමක් දිනා ගැනීමට තරුෂි කරුණාරත්න සමත් වීය.
එ බැවින් ක්‍රීඩා අමාත්‍යාංශයෙන් රු. ලක්ෂ 150ක් ලබා දීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
එමෙන්ම තරුෂි කරුණාරත්නට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් ඉඩමක් ලබා දෙන ලෙස කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම්ට උපදෙස් දුන් බව වාර්තා වේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද ඇයට රුපියල් මිලියන 10ක මූල්‍ය ත්‍යාගයක් ලබා දීමට තීරණය කර ඇත.
මේ අතර, ආසියානු ක්‍රීඩා උළෙලේ රිදී පදක්කමකට රු. ලක්ෂ 100ක් සහ ලෝකඩ පදක්කමකට රු. ලක්ෂ 50ක් පිරිනැමීමට ද ක්‍රීඩා අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
