නයාව දැකපු වෙලේ මට අල්ලන්නම හිතුණා, එයා පුදුම විදිහට මට හීලෑ වුනේ-නීලපබළු ටෙලිනාට්‍යයේ කුරුළු (PHOTOS )
නීලපබළු ටෙලිනාට්‍යයේ කුරුළුගේ චරිතය හරහා අපේ රටේ අතිශය ප්‍රේක්ෂක ආදරයක් වගේම ආකර්ශනයක් දිනා ගත්ත දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර රංගන ශිල්පිනියක්, නිරූපණ ශිල්පිනියක් මෙන්ම නිවේදන ශිල්පිනියක් තමයි ටනාෂා හතරසිංහ කියලා කියන්නේ.
ඉතින් ඒ වගේම අපට ඇයව වෙළඳ දැන්වීම් හරහා මෙන්ම මියුසික් වීඩියෝ හරහාත් නිරන්තරයෙන්ම දැකගන්න ලැබෙනවා. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියනවා අපට දැකගන්න ලැබුණා.
ඉතින් ඇය කවදාවත් නිළියක් වෙන්න හීන දැකපු කෙනෙක් නෙවෙයි කියලයි ඇය කියන්නේ. ඇයට ඕන වුණේ ආයුර්වේද වෛද්‍යවරියක් වෙන්නලු. ඉතින් ඇය උසස් පෙළට ජීව විද්‍යා අංශය තෝර ගත්තේ ඒ නිසාලු. ඒ වගේම ඇය සාමාන්‍ය පෙළ දක්වා කොල්ලුපිටිය ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරුවාලු. ඊට පස්සේ උසස් පෙළට නාවල ජනාධිපති විද්‍යාලයට ඇතුළත් වුණා කියලත් ඇය කියනවා.
ඉතින් ඒ වගේම පාසල් යන කාලෙදිමයිලු ඇයට කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න ලැබුණේ. ඉතින් දවසක් සැලෝන් එකක් කරන ඇයගේ අම්මගෙ යාළුවෙක් ඇයව දැකල මනාලියක විදිහට හැඩ ගන්වන්න ආසයි කියලා කිව්වාලු. ඉතින් එදා ගත්ත පින්තූර ඉන්ටනෙට් දාල ඒවා දැකලා ඇයට මියුසික් වීඩියෝ එකකට ආරාධනා ලැබුණා කියලයි ඇය කියන්නේ. ඉතින් ඊට පස්සේ ඒකෙ හිටිය මේකප් ආර්ටිස් ඇයව වෙළෙඳ දැන්වීමකට සම්බන්ධ කළාලු. ඉතින් ඒ වෙද්දි මට අවුරුදු 16ක් වගේ කියලත් ඇය කියනවා. ඉතින් රංගනයට කලින්ලු ඇය නිරූපණ ක්ෂේත්‍රයට ආවේ. ඉතින් ඊට පස්සේ දෙරණ මිස් ශ්‍රී ලංකා තරඟයට ඉදිරිපත් වෙලා දෙවැනි ස්ථානය දිනාගත්තා කියලත් ඇය කියනවා.
ඒකෙන් ඇයට මිස් ග්ලෝබ් ඉන්ටර්නැෂනල් කියන ටයිට්ල් එක ලැබුණාලු. ඒ පැජන්ටා එක තිබ්බේ තුර්කියේ අසර්බයිජාන්වලලු. ඉතින් ඒකට සහභාගි වෙද්දි ඇයට අවුරුදු 18යිලු. ඉතින් ඒක ජයග්‍රහණය කරලා ආවට පස්සේ තමයිලු ඇයට රංගනයට ආරාධනා ලැබුණේ. ඒ වගේම මිස් ශ්‍රී ලංකා අවසන් වටය කරද්දි රොෂාන් රණවනගේ අලුත්ම චිත්‍රපටියේ අධ්‍යක්ෂකට කියලා තිබුණලු ඒකට හොයන චරිතයට ඇයව හොඳයි කියලා. ඉතින් ඒ විදියටලු ඇයට ‘රන් දේදුන්න’ චිත්‍රපටයේ චරිතයක් ලැබුනේ. ඊට පස්සේ දෙරණෙන් නිෂ්පාදනය කළ ලක්ෂ්මන් පුෂ්පකුමාරගේ ‘තිමිරගිර’ ටෙලි නාට්‍යය හරහා ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයටත් පිවිසුණා කියලයි ඇය කියන්නේ. ඉතින් ඒ වගේම ඇය රඟපෑ චිත්‍රපටි 3ක් තිරගත වීමට නියමිතව තියෙනවා කියලත් ඇය කියනවා. ඉතින් ඒ වගේම නීලපබළු ටෙලිනාට්‍යයේ තිර පිටපතේ තිබුණේ නයා නිකන් බලාගෙන ඉන්න දර්ශනයක් විතරයිලු. හැබැයි නයා ලොකේෂන් එකට ගෙනාපු වෙලාවෙ ඇයට ආස හිතුණාලු එයාව අල්ලන්න.
ඒ වගේම ඇය මිස් ශ්‍රී ලංකා යද්දි ප්‍රොජෙක්ට් එකක් කළාලු දෙහිවල සත්තු වත්ත සම්බන්ධ කරගෙන. ඉතින් ඒ නිසා ඇයට බය හිතුණේ නැහැ කියලයි ඇය කියන්නේ. ඉතින් ඒ වගේම ඇය සත්තුන්ට මං හරි ආසයි කියලත් ඇය කියනවා. ඉතින් නයා ඇයට පුදුම විදියටලු හීලෑ වුනේ. ඉතින් ඇය සතාව අල්ලනව දැකලා තමයිලු තිර පිටපත ඒ විදියට වෙනස් කළේ.







