ගැටලුවක් වූ තඹුත්තේගම පොහොර සාම්පල පරීක්ෂාවට යොමු කරයි
තඹුත්තේගම ගබඩාවකින් ගෙනැවිත් රඹෑව ගොවිජන මධ්‍යස්ථානයට ලබාදී තිබෙන බව පැවසෙන, 2019 වසරේ නිෂ්පාදිත MOPපොහොරවල සාම්පල පරීක්ෂා කිරීම සඳහා යොමුකර ඇති බව ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චන්දන ලොකුහේවගේ මහතා සදහන් කර තිබේ .
එම පොහොර භාවිතයට සුදුසුද නැද්ද යන්න ප්‍රකාශ කළ හැක්කේ සාම්පල පරීක්ෂාවෙන් පසුව බව ඔහු තව දුරටත් ප්‍රකාශ කරයි .
අනුරාධපුර මහ කනදරාව ප්‍රදේශයේ රඹෑව ගොවිජන සේවා බලප්‍රදේශයට අයත් පණ්ඩුකාභයපුර ගොවීන්ට, 2019 වසරේදී සහනාධාර ලෙස ලබාදීමට වෙන්කළ පොහොර තොගයක් මෙලෙස ලබාදී ඇති බවට ඊයේ චෝදනා එල්ලවී ඇත
තඹුත්තේගම ගබඩාවකින් ගෙනැවිත් රඹෑව ගොවිජන මධ්‍යස්ථානයට ලබාදී ඇති එම MOP පොහොර 2019 වසරේදී මෙරටට ගෙන්වා ඇති ප්‍රමිතියෙන් තොර කල් ඉකුත්වූ පොහොර බව ගොවීන් චෝදනා කර තිබේ.
50%කින් වාහන මිල ඉහළ යනවායි කියන එක සම්පූර්ණ මිත්‍යාවක් එහෙම වෙන්නේ නෑ - නි. ඇමතිගෙන් පැහැදිලි කිරීමක්
මෙහිදී වැඩිදුර අදහස් දැක්වූ ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චන්දන ලොකුහේවගේ මහතා ප්‍රකාශ කළේ මෙවන් අදහසක්
"අනුරාධපුරයේ බෙදපු පොහොර සම්බන්ධයෙන් අපි කඩිනමින්ම අපි අනුරාධපුර පොහොර ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක මගින් සාම්පල් ලබාගෙන කොළඹට යොමු කරලා තියෙනවා. අපි කඩිනම්න් ඒ සාම්පල් පරීක්ෂා කරනවා. අපිට යමක් කියන්න වෙන්නේ මේ පොහොර සාම්පලේ පරීක්ෂා කරලා. පොහොර සමාගමේ විමසීමේදී සඳහන් කළේ, කැනඩාවෙන් 2022 ආනයන කරපු පොහොර කියලා. එතකොට ඒ 22 ආනයනය කරපු පොහොරවලට අපි සාම්පල් පරීක්ෂාවක් කරලා අවසරය කලින් අපි දීලා තිබුණා. කෙසේ වෙතත් මේ පොහොරවලත් කෙටි කාලයක් තුළ සාම්පල් පරීක්ෂා කරලා කියන්න පුළුවන් ඒවා මොන තත්ත්වයකද තියෙන්නේ කියලා"