තත්පර දෙකෙන් මීටරේ වේගය 60ක් වෙන ටෙස්ලා (VIDEO)

TESLA MODEL S PLAID DELIVERY EVENT
By Sewvandhi Jun 14, 2021 09:39 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ටෙස්ලා කියන්නේ අලුත් අලුත් මෝටර් රථ ලෝකයට හඳුන්වලා දීලා හැමෝවම පුදුම කරන ආයතනයක්. ඔන්න ඉතින් ටෙස්ලා ආයතනය තමන්ගේ අලුත්ම සාමාජිකයා පසුගිය දවසක හඳුන්වලා දුන්නා.

ඩොලර් 130,000 ට ආසන්න මිලකට අලෙවි කිරීමට නියමිත මේ ටෙස්ලා Model S Plaid රථය පැයට සැතපුම් 200ක වේගයෙන් ධාවනය වෙනවා.

තප්පර 02ක් ගත වෙනකොට මීටර් 60 ක් දක්වා වේගය වැඩි කරන්න මේ මෝටර් රථයට පුළුවන්. Model S Plaid පැයට සැතපුම් 390ක පරාසයකින සහ අශ්ව බල 1,020 කින් සමන්විතයි.

ඒ වගේම නව හැකියාව තියෙන මේ Model S Plaid රථය රියදුරු සිටින ස්ථානය, දිශාව සහ මාර්ගයෙන් අනුමාන කිරීමේ හැකියාවෙන් යුක්තයි.

තත්පර දෙකෙන් මීටරේ වේගය 60ක් වෙන ටෙස්ලා (VIDEO) | Tesla Model S Plaid

ටෙස්ලා සමාගම මේ වෙනකොටත් පළවෙනි මෝටර් රථ 25 නිෂ්පාදනය කරලා බෙදා හැරීමට සූදානම් කරලයි තියෙන්නේ. ඔවුන් අනුමාන කරන විදිහට සතියකට කාර් සිය ගණනක් අලෙවි වේවි කියලා බලාපොරොත්තු වෙනවා.

තත්පර දෙකෙන් මීටරේ වේගය 60ක් වෙන ටෙස්ලා (VIDEO) | Tesla Model S Plaid

ඒ කොහොම වුණත් මේ වෙද්දි ලෝකයේ තියෙන වේගවත්ම මෝටර් රථය වෙන්නේ මේ ටෙස්ලා සමාගමෙන් හදුන්වාදුන්නModel S Plaid රථය.

තත්පර දෙකෙන් මීටරේ වේගය 60ක් වෙන ටෙස්ලා (VIDEO) | Tesla Model S Plaid

ඔවුන් පවසන විදිහට විදිහටත් මේ ටෙස්ලා Model S Plaid රථය පෝර්ෂේ රථයකට වඩා වේගවත් වගේම වෝල්වෝ රථයකට වඩා ආරක්ෂිත බවයි පවසන්නේ. කොහොම වුණත් අනාගතයේදී ලෝකේ පුරාම මේ ටෙස්ලා Model S Plaid රථය එහා මෙහා යනවා දැක ගන්න පුළුවන් වෙයි.