හැටන් - කොළඹ ප්‍රධාන පාරේ පස් කන්දක් කඩන් වැටෙයි - රථවාහන ගමනාගමනයට බාධා
අද (24) සවස අධික වර්ෂාව හේතුවෙන් හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ කුයිල්වත්ත ප්‍රදේශයෙන්, ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩාවැටී ඇත.
හැටන් පොලීසිය පවසන්නේ මේ වනවිට එම මාර්ගයේ රථවාහන ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වී ඇති බවයි.
මාර්ගයට කඩාවැටුණු පස් කන්ද කඩිනමින් ඉවත් කරන බව නෝවුඩ් මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාලය සඳහන් කළේය.