ඉන්දියාව ආයෙත් ඇවිලෙයි - කැරපොත්තෝ ආණ්ඩුවත් හොල්ලයි - ප්‍රබලයෙක් පැය 48න් ධූරයෙන් ඉල්ලා අස්විය යුතුයි

Report

ඉන්දියාවේ ප්‍රධාන මැතිවරණ කොමසාරිස් ගයානේෂ් කුමාර් (Gyanesh Kumar) පැය 48 ක් ඇතුළත ධුරයෙන් ඉල්ලා අස් නොවන්නේ නම්, දිවයින පුරා දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කරන බව ඉන්දියාවේ 'කොක්‍රෝච් ජනතා පක්ෂය' (Cockroach Janta Party - CJP) නමැති තරුණ ව්‍යාපාරය පවසයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඡන්ද හිමි නාමලේඛන සංශෝධනය කිරීමේදී සිදුවූ බව කියන අක්‍රමිකතා කිහිපයක් සම්බන්ධයෙන් ප්‍රධාන මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඔහුගේ නියෝජ්‍යයන් (අනෙකුත් මැතිවරණ කොමසාරිස්වරුන්) ප්‍රශ්න කර ඇති බවට ඉන්දීය පුවත්පතක් කළ අනාවරණයකින් පසුව මෙම උණුසුම් තත්ත්වය හටගෙන ඇති බවයි.

ලංකා බැංකුවේ ආරක්ෂක පද්ධති බිද වැටීමක්ද? බැංකු පද්ධතිය හා බැංකු Apps ගැන ලංකා බැංකුවෙන් නිවේදනයක්

ලංකා බැංකුවේ ආරක්ෂක පද්ධති බිද වැටීමක්ද? බැංකු පද්ධතිය හා බැංකු Apps ගැන ලංකා බැංකුවෙන් නිවේදනයක්

The Indian Express පුවත්පත වාර්තා කර තිබුණේ පසුගිය වසරේ සිට ආරම්භ වූ ඡන්ද හිමි නාමලේඛන යාවත්කාලීන කිරීමේ ක්‍රියාවලියට (SIR) අදාළව, අනෙකුත් මැතිවරණ කොමසාරිස්වරුන් වන සුක්බීර් සිං සන්ධු සහ විවේක් ජෝෂි පසුගිය මාස 10 ක කාලය තුළ අවම වශයෙන් 14 වතාවක්වත් ප්‍රධාන මැතිවරණ කොමසාරිස්වරයාගේ තීරණ පිළිබඳව ප්‍රශ්න කරමින් සිය අප්‍රසාදය හා නිරීක්ෂණ සටහන් කර ඇති බවයි.

එහිදී, කොක්‍රෝච් ජනතා පක්ෂය චෝදනා කරන්නේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට (BJP) වාසි වන පරිදි ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ ඡන්ද අයිතිය අහිමි කරමින් ඡන්ද හිමි නාමලේඛන වෙනස් කර ඇති බවටයි.

විදේශයක රැකියා කරන්න ඉන්න ජනතාවට අනතුරු ඇඟවීමක් - විදේශ සේවා නියුක්ති කාර්යාංශය නමින් දරුණු වංචාවක්

විදේශයක රැකියා කරන්න ඉන්න ජනතාවට අනතුරු ඇඟවීමක් - විදේශ සේවා නියුක්ති කාර්යාංශය නමින් දරුණු වංචාවක්

පුවත්පත් වාර්තාවත් සමඟ ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රස් පක්ෂය ද නිවේදනය කළේ ගයානේෂ් කුමාර්ව අත්අඩංගුවට ගන්නා ලෙසත්, ඔහුව ධුරයෙන් ඉවත් කර ඔහු යටතේ සිදුකළ සියලුම ඡන්ද නාමලේඛන සංශෝධන පිළිබඳ ස්වාධීන පරීක්ෂණයක් පවත්වන ලෙසත් ඉල්ලමින් හෙට (25) සියලුම ප්‍රාන්ත මැතිවරණ කාර්යාල ඉදිරිපිට විරෝධතා පාගමන් පවත්වන බවයි.

ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමින් 'කොක්‍රෝච් ජනතා පක්ෂයේ' නිර්මාතෘ අභිජීත් දිප්කේ (Abhijeet Dipke) පැවසුවේ, "පැය 48 ක් ඇතුළත ගයානේෂ් කුමාර් ඉල්ලා අස් නොවන්නේ නම්, අප රට පුරා ප්‍රබල විරෝධතාවයක් ආරම්භ කරනවා.

ඔහුගේ ඉල්ලා අස්වීමෙන් තොරව අප පසුබසින්නේ නැහැ" යනුවෙන්ය. මෙම තරුණ ව්‍යා පාරය පසුගිය ජූලි මාසයේදී විභාග ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධියකට එරෙහිව පැවැත්වූ විරෝධතාවලින් පසුව මෝදි රජයේ අධ්‍යාපන අමාත්‍යවරයාට ද ඉල්ලා අස්වීමට සිදු විය.

ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි - ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර පද්ධතියේ හදිසි වෙනසක්

ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි - ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර පද්ධතියේ හදිසි වෙනසක්