මේ පාසල් කළින්ම වහද්දි හෙට මේ පාසල්වලට නිවාඩු - දැඩි අයහපත් කාලගුණය නිසා දිවයින පුරා පාසල්වලට විශේෂ දැනුම්දීමක්

Report

නුවරඑළිය දිස්ත්‍රික්කයේ පවතින දැඩි අයහපත් කාලගුණික තත්ත්වය නිසා, හෙට (25) දින පාසල් විවෘත කරනවාද? නැද්ද? යන්න පිළිබඳ තීරණය කිරීමේ බලය විදුහල්පතිවරුන්ට පවරා ඇති බව අධ්‍යාපන බලධාරීන් සඳහන් කරයි.

ඒ අනුව නුවරඑළිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඩී.එම්.එස්.බී. දිසානායක සඳහන් කරන්නේ, නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල පවතින දැඩි අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ, නුවරඑළිය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන පාසල් 6ක් හෙට (25) දින නිවාඩු ලබා දීමට පියවර ගෙන ඇති බවයි.

තවද නුවරඑළිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා කියා ඇත්තේ පවතින කාලගුණ තත්ත්වය මත සෙසු පාසල් විවෘත කරනවාද? නැද්ද? යන්න පිළිබඳ තීරණයක් ගෙන, ඒ බව තම කාර්යාලය වෙත දැනුම් දෙන ලෙස විදුහල්පතිවරුන්ට උපදෙස් ලබා දුන් බවයි.

ඉදිරි පැය 48 තීරණාත්මකයි - මේ ප්‍රදේශවල පදිංචි මහජනතාවට විශේෂ දැනුම්දීමක්

ඉදිරි පැය 48 තීරණාත්මකයි - මේ ප්‍රදේශවල පදිංචි මහජනතාවට විශේෂ දැනුම්දීමක්

එමෙන්ම හැටන් කලාප අධ්‍යාපන කාර්යාල බලප්‍රදේශයට අද (24) දින ඇදහැලුණු අධික වර්ෂාවත් සමඟ පාසල් නියමිත වේලාවට පෙර වසා දැමීමට අධ්‍යාපන බලධාරින් කටයුතු කර ඇත.

ඒ අනුව හැටන් කලාප අධ්‍යාපන කාර්යාලයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ වසන්ත කවිරාජ් ප්‍රකාශ කළේ හෙට (25) දිනයේ පවතින කාලගුණ තත්ත්වය සලකා බලා පාසල් විවෘත කරනවාද? නැද්ද? යන්න පිළිබඳවත් තීරණය කිරීමේ බලය විදුහල්පතිවරුන්ට පවරා ඇති බවයි.

ඒ අනුව එසේ පාසල් වසා දමන්නේ නම් ඒ පිළිබඳව තම කාර්යාලය වෙත දැනුම් දෙන ලෙසද ඔහු වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇති බව සඳහන්.

රත්තරන් ගන්න පොරකන තරමට අඩු වුණ අද රන් මිල - පවුම් භාගයක් ගන්න හිතපු අයට පවුමක්ම ගන්න හිතෙන අලුත්ම රන් මිල ගණන් මෙන්න

රත්තරන් ගන්න පොරකන තරමට අඩු වුණ අද රන් මිල - පවුම් භාගයක් ගන්න හිතපු අයට පවුමක්ම ගන්න හිතෙන අලුත්ම රන් මිල ගණන් මෙන්න

ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි - ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර පද්ධතියේ හදිසි වෙනසක්

ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි - ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර පද්ධතියේ හදිසි වෙනසක්