පස් දෙනෙකුට දිවි අහිමි කල බිහිසුණු ගුවන් අනතුර..(VIDEO)

By Piyumika Aug 08, 2024 08:30 AM GMT
Report

නේපාලයේ කත්මන්ඩු හි වයඹ දිග ප්‍රදේශයේ කඳුකරයේ හෙලිකොප්ටරයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 05 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.

ඉදිරි ජනාධිපතිවරණයෙදී පවිත්‍රාගේ ඡන්දය රනිල්ට...

ඉදිරි ජනාධිපතිවරණයෙදී පවිත්‍රාගේ ඡන්දය රනිල්ට...

මියගිය පිරිස අතරට චීන ජාතිකයින් 04 දෙනෙක්ද ඇතුළත් බවයි විදෙස් මාධ්‍ය වාර්තාකර සිටියේ.

මෙම යානය කත්මන්ඩු සිට රසුවා බලා යමින් සිටියදීයි මෙලෙස අනතුරට ලක්ව ඇත. හෙලිකොප්ටරය කත්මන්ඩු නුවරින් පිටත් වූයේ ඊයේ (07) පස්වරු 1.54ට බවයි වාර්තා වනුයේ.

  අනතුර සිදු වූ වහාම ප්‍රභූ හෙලිකොප්ටරයක් අනතුරට ලක් වූ ස්ථානයට යවා ඇති අතර පිරිමි දෙදෙනෙකු, එක් කාන්තාවක් සහ ගුවන් නියමුවාගේ සිරුරු සොයාගැනීමට හැකි වූ බවයි වාර්තා වන්නේ.එක් සිරුරක් හඳුනාගත නොහැකි අයුරින් පිළිස්සී ඇති බව පැවසේ.

නිදිමත වැඩිවෙලා වහලෙත් පාර වගේ දැකලා..

නිදිමත වැඩිවෙලා වහලෙත් පාර වගේ දැකලා..


මෙම අනතුර සිදු වූයේ ජූලි 24 වන දින ත්‍රිභූවන් ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී සෞර්‍යා එයාර්ලයින්ස් ගුවන් යානය කඩා වැටීමෙන් සති කිහිපයකට පසුවයි.එම අනතුරින් යානයේ සිටි 18 දෙනෙකුගේ ජීවිත අහිමි වූ අතර කපිතාන්වරයා දිවි ගලවා ගැනීමට සමත් වුණා.