මැදපෙරදිග ගැටුමට හවුති මැදිහත්වීම ශ්‍රී ලංකාවට බලපෑ හැකි බවට සජිත් අනතුරු අඟවයි
මැදපෙරදිග ගැටුමට හවුති සටන්කාමීන්ගේ වැඩිවන මැදිහත්වීම ශ්‍රී ලංකාවට බරපතල ආර්ථික හා උපායමාර්ගික ප්‍රතිවිපාක ඇති කළ හැකි බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අනතුරු අඟවා තිබේ.
විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ප්‍රේමදාස මහතා පැවසුවේ, වයඹදිග යේමනයේ කොටස් සහ සානා අගනුවර පාලනය කරන හවුති හමුදා සම්බන්ධ වීම, විශේෂයෙන් ප්‍රධාන ගෝලීය නැව් මාර්ගයක් වන බාබ්-එල්-මැන්ඩෙබ් සමුද්‍ර සන්ධිය වටා තීව්ර කර ඇති බවයි.
මෙම සමුද්‍ර සන්ධිය රතු මුහුද, මධ්‍යධරණී මුහුද, අරාබි මුහුද සහ ඉන්දියන් සාගරය සම්බන්ධ කරන බවත්, එය ගෝලීය වෙළඳාම සඳහා තීරණාත්මක මාර්ගයක් බවට පත් කරන බවත් ඔහු සඳහන් කළේය.
මෙම මාර්ගයට සිදුවන ඕනෑම බාධාවක් නැව්ගත කිරීමේ ප්‍රමාදයන්, රක්ෂණ වාරික වැඩි වීම සහ ප්‍රවාහන වියදම් ඉහළ යාම හරහා ශ්‍රී ලංකාවට සෘජුවම බලපෑ හැකි බවත් එතුමා පෙන්වා දෙන ලදි .
එවැනි වර්ධනයන් තෙල් මිල ඉහළ යාමට, විදුලිය හා ප්‍රවාහන වියදම් ඉහළ යාමට සහ සමස්ත ජීවන වියදම ඉහළ යාමට හේතු විය හැකි බව සජිත් ප්‍රේමදාස මහතා අනතුරු ඇඟවීය.
තව දුරටත් එතුමා පෙන්වා දුන්නේ ආනයන පිරිවැය වැඩි විය හැකි අතර අපනයන ආදායම පහත වැටිය හැකි අතර ඇඟලුම් සහ තේ වැනි ශ්‍රී ලංකා අපනයනවල තරඟකාරිත්වය අඩු විය හැකි බවයි.
මෙය විදේශ විනිමය ගලා ඒම අඩු කිරීමට සහ උද්ධමනකාරී පීඩනය වැඩි කිරීමට ද හේතු විය හැකි බවයි ආනයන වියදම් ඉහළ යාම සහ අපනයන ආදායම් අඩුවීම විදේශ සංචිත දුර්වල කර මුදල් අවප්‍රමාණයට හේතු විය හැකි බවට ද විපක්ෂ නායකවරයා අනතුරු ඇඟවීය.
සැපයුම් දාම කඩාකප්පල් වුවහොත් ආහාර, ඖෂධ සහ පොහොර වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟයක් ද ඇති විය හැකි බව ඔහු පැවසීය.
තෙල් බැරල් මිලියන 6 සිට 9 දක්වා ප්‍රමාණයක් සහ ගෝලීය LNG නැව්ගත කිරීම් වලින් සියයට 8 ක් පමණ බාබ්-එල්-මැන්ඩෙබ් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන බව එතුමා දුන් අතර, බාධා කිරීම් නැව්ගත කිරීමේ පිරිවැය සියයට 30 කින් පමණ වැඩි කළ හැකි බවට අනතුරු ඇඟවීය.
පුළුල් භූ දේශපාලනික ඇඟවුම් පිළිබඳව ද ඔහු කනස්සල්ල පළ කළ අතර, ඉන්දියානු සාගරයේ මිලිටරි ක්‍රියාකාරකම් වැඩිවීමට ඉඩ ඇති බවත්, එය ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට සහ කලාපීය ස්ථාවරත්වයට බලපාන බවත් සදහන් කර තිබේ
මේ වනවිට උත්සන්න වන ගැටුමෙන් පැන නගින විභව ආර්ථික හා සැපයුම් දාම බාධා අවම කිරීම සඳහා ක්ෂණික හදිසි සැලැස්මක් ඉදිරිපත් කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලා සිටියේය.