මේ උත්සව සමයේ මේ විදිහට සහල් අලවි කරොත් නඩු

Report

ඉදිරි උත්සව සමයේ පාරිභෝගිකයන් මුහුණ දෙන සහල් හිඟයට පිළියම් ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය (CAA) විසින් ක්‍රියාත්මක කළ විශේෂ වැටලීමකදී, සහල් තොග සඟවා තබා ගනිමින් සිල්ලර මිලට අලෙවි කිරීම ප්‍රතික්ෂේප කළ වෙළඳුන් පිරිසකට එරෙහිව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව අද (29) පෙරවරුවේ කිරුළපන පොදු වෙළෙඳ සංකීර්ණයේදී සිදුකළ මෙම වැටලීමේදී අනාවරණය වී ඇත්තේ, සිල්ලර වෙළඳාම සඳහා බලපත්‍ර ලබාගෙන ඇති ඇතැම් වෙළඳුන් සාමාන්‍ය පාරිභෝගිකයන්ට සහල් ලබා නොදී, එම තොග සඟවා තබාගෙන හෝටල් සඳහා පමණක් රහසිගතව අලෙවි කරන බවයි.

සියලුම ජනතාව වෙනුවෙන් විශේෂ ගැසට් නිවේදනයක්

සියලුම ජනතාව වෙනුවෙන් විශේෂ ගැසට් නිවේදනයක්

ඒ අනුව වැටලීම අතරතුර වෙළඳසැල් හිමිකරුවන් සහ පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් අතර උණුසුම් වාද විවාද පවා ඇති වූ බව වාර්තා වේ.

භාණ්ඩ සන්තකයේ තබා ගනිමින් විකිණීම ප්‍රතික්ෂේප කිරීම සහ පාලන මිල ඉක්මවා අලෙවි කිරීම බරපතළ වරදක් බව පෙන්වා දෙන අධිකාරිය, උත්සව සමය තුළ මෙවැනි ජාවාරම් මැඩලීමට දිවයින පුරා පරීක්ෂණ දැඩි කර ඇති බව ද අවධාරණය කරයි.

වටගලට පොලිස් ආඥා පනත ගැන දැනුමක් නැහැ - වටගල කියපු කතාවකට නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්තගෙන් සැර ප්‍රකාශයක්

වටගලට පොලිස් ආඥා පනත ගැන දැනුමක් නැහැ - වටගල කියපු කතාවකට නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්තගෙන් සැර ප්‍රකාශයක්