කහවත්තේ මැණික් ව්‍යාපාරිකයෙක් අතුරුදන් - සොයා විශේෂ විමර්ශනයක්

Report

කහවත්ත, නීලගම මාර්ගයේදී 61 හැවිරිදි මැණික් ව්‍යාපාරිකයෙකු අතුරුදන්වීමේ පුවතක් වාර්තා වන අතර, ඒ පිළිබඳව කහවත්ත පොලීසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

කහවත්ත, කට්ටංගේ ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකු වන මොහු ඊයේ (28) දහවල් කාලයේ සිය යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී මෙලෙස අතුරුදන්ව ඇති බවට වාර්තාවේ.

සියලුම ජනතාව වෙනුවෙන් විශේෂ ගැසට් නිවේදනයක්

සියලුම ජනතාව වෙනුවෙන් විශේෂ ගැසට් නිවේදනයක්

ඔහු ගමන් කළ යතුරුපැදිය නීලගම මාර්ගයේ වංගුවක් අසල අත්හැර දමා තිබියදී පොලීසිය විසින් සොයාගෙන ඇති අතර, අද (29) දින ඔහුගේ ජංගම දුරකතනය ද එම මාර්ගය අසල පිහිටි තේ වතුයායක තිබී හමු වී තිබේ.

අතුරුදන් වූ ව්‍යාපාරිකයා සෙවීම සඳහා පොලිස් නිල සුනඛයන් යොදවා මෙහෙයුම් දියත් කළද, මෙතෙක් ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැති වීම විශේෂත්වයකි.

ආයෙත් උඩ ගිය රත්තරන් - මෙන්න ලංකාවේ අද රන්මිල

ආයෙත් උඩ ගිය රත්තරන් - මෙන්න ලංකාවේ අද රන්මිල