ජන අරගල ව්‍යාපාරයේ කොළඹ දැවැන්ත විරෝධතාවය නොසන්සුන් වෙයි- පොලිසිය සහ විරෝධතාකරුවන් මුහුණට මුහුණ ගැටෙයි

Report

අද (25) පස්වරුවේ “ජන අරගල ව්‍යාපාරය” විසින් කොළඹදී සංවිධානය කරන ලද විරෝධතාවයක් අතරතුර උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.

විරෝධතාකරුවන් කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට සිට ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට පාගමනින් ගමන් කිරීමට උත්සාහ කිරීමත් සමග පොලීසිය එයට බාධා කිරීම හේතුවෙන් නොසන්සුන්තා ඇතිවී ඇත.

එහිදී විරෝධතාකරුවන් පොලිස් අණ නොතකා ඉදිරියට ගමන් කිරීමට උත්සාහ කිරීමත් සමග තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් කැරලි මර්දන ඒකකය (riot police) කැඳවීමටද බලධාරීන් පියවර ගෙන තිබේ.