නිතරම ලෙඩක් දාගෙන රෝහලට යන්නේ මොකද කියල බැලුවම තමා වැඩේ මාට්ටු වුනේ..
By Piyumika
බූස්ස බන්ධනාගාර රෝහල් පරිශ්‍රයේ සහ බන්ධනාගාර පරිශ්‍රය තුළ තිබී දුරකථන උපාංග තොගයක් සොයාගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්ය බලකා බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාර කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව බන්ධනාගාර රෝහල් භූමිය තුළ සිදුකළ සෝදිසි මෙහෙයුමක දී එම උපකරණ තොගය සොයාගෙන ඇති බව සඳහන්ය.
එහි දී බන්ධනාගාර රෝහළ තුළ හා බන්ධනාගාරය තුළ තිබී ජංගම දුරකථන චාජර් 05ක්, ඩේටා කේබල් 08ක් සොයාගෙන ඇති බව සඳහන්ය.
සොයාගත් දුරකථන උපාංග තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බන්ධනාගාර පාලනාධිකාරිය වෙත භාර දී ඇති බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කළේය.
You may like this video