සුබ ආරංචියක් - මේ ගුවන් ගමන් නැවත ආරම්භයි
ඉරානයේ ටෙහෙරාන් නුවර ඉමාම් කොමේනි ගුවන්තොටුපොළේ සිට ජාත්‍යන්තර ගුවන් ගමන් ලබන ඉරිදා සිට යළි ආරම්භ කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව ප්‍රථමයෙන් මස්කට් සහ ඉස්තාන්බුල් බලා ජාත්‍යන්තර ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව සඳහන් වේ.
සාමාන්‍ය සේවා යථා තත්ත්වයට පත් කිරීම සඳහා වූ අදියර හතරක සැලැස්මක් යටතේ අප්‍රේල් 18 වන දින ඉරානය සිය ගුවන් අවකාශය අර්ධ වශයෙන් විවෘත කළ අතර, පසුගිය 20 වන දින ඉමාම් කොමේනි ඇතුළු ප්‍රධාන ගුවන්තොටුපොළවල් යළි විවෘත කිරීමත් සමඟ මූලික මෙහෙයුම් ආරම්භ විය.
මෙම පියවරත් සමඟ කලාපීය ගුවන් ගමන් සේවා යළිත් සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.