කුඹුරේ සීසාමින් සිටි පුද්ගලයා ට්‍රැක්ටරය පෙරළී අවසන් ගමන් යයි
තම කුඹුරේ වී වගා කටයුතු අවසන් කළ පසු නිවසට ආපසු යමින් සිටියදී ට්‍රැක්ටරය පෙරළීමෙන් ගොවියකු ජීවිතක්ෂයට පත්ව ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ, පදිංචි කන්නකිපුරම් දේවාලය පාර, මුතුපුල්ලේ සිටින කරුණානිධි (වයස 51) නම් ගොවියකු බව පොලිසිය සඳහන් කරයි.
අනතුර ඊයේ (20) වව්නතිව් පාවකොඩිචේන පලංකූඩිමඩු ප්‍රදේශයේදී සිදුව ඇති අතර, පොලිසිය පවසන ආකාරයට , ගොවියා නිවසට යාමට පැමිණි මාර්ගයේදී මෙම ට්‍රැක්ටරය පෙරළීමෙන් අනතුර සිදුවී ඇත.