ඇවිලෙන යුධ ගිනි මැද රුසියානු ජනපතිගෙන් ඉරාන ජනපතිට හදිසියේ දුරකථන ඇමතුමක් - කතා කළ හේතුව මෙන්න
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් සමඟ දුරකථන සංවාදයක නිරත වී ඇති බව වාර්තා වේ.
ඒ අනුව රුසියානු ජනපතිවරයා මෙසේ කතා කර ඇත්තේ එක්සත් ජනපද-ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ඉරානයේ උත්තරීතර නායකයා, අනෙකුත් රජයේ නිලධාරීන් සහ සිවිල් වැසියන් මියයාම සම්බන්ධයෙන් සිය ශෝකය ප්‍රකාශ කරමින් බව සඳහන්.
එම සංවාදයේදී මෙම ගැටුම් වහාම අවසන් විය යුතු බවත්, ඒ වෙනුවෙන් රාජ්‍ය තාන්ත්‍රික විසඳුමක් සෙවිය යුතු බවටත් පුටින් සිය ස්ථාවරය අවධාරණය කර ඇත.
ලංකාවේ ආන්දෝලනයක් ඇති කළ ඉරාන නැවේ හිටපු අයව ආයේ භාර දෙන්න එපාලු - යුද්ධේ මැද අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට බලපෑම්?
කෙසේ වෙතත් එහිදී රුසියාව ලබා දෙන සහයෝගය සම්බන්ධයෙන් පෙසෙෂ්කියන් සිය කෘතඥතාව පළ කර තිබෙන අතර, ඉරානයේ වත්මන් තත්ත්වය පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් ද ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
එමෙන්ම විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉරානය සහ රුසියාව යන දෙරටම අඛණ්ඩව සන්නිවේදනය පවත්වා ගැනීමට මෙහිදී එකඟ වී ඇති බවයි.