ලංකාවේ ආන්දෝලනයක් ඇති කළ ඉරාන නැවේ හිටපු අයව ආයේ භාර දෙන්න එපාලු - යුද්ධේ මැද අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට බලපෑම්?
කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය මඟින් ඉරාන නෞකා කාර්ය මණ්ඩල ඉරානයට ආපසු නොයැවිය යුතු බවට ශ්‍රී ලංකා බලධාරීන්ට බලපෑම් කරමින් සිටින බව රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබෙනවා.
ඒ අනුව යුධ නෞකාවක් වන IRIS Dena ගිලී යාමෙන් අනතුරුව බේරාගත් ඉරාන නාවිකයින් යළි ගෙන්වා නොගන්නා ලෙසට අමෙරිකාව ශ්‍රී ලංකාවෙන් ඉල්ලා ඇති බව සඳහන්.
එම සේවය මේ බව සඳහන් කර ඇත්තේ අමෙරිකානු අභ්‍යන්තර රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග උපුටා දක්වමින්.
ඉන්දියාව අන්තිම මොහොතේ දෙවැනි ඉරාන නැව ලංකාවට පාස් කරපු හේතුව කියලා චාමර ජනපතිටත් අමතයි - නාවික හමුදාපති කියපු දේකුත් පත්තුවෙලා
ශ්‍රී ලංකාව තුළ රඳවාගෙන සිටින නාවිකයින් ප්‍රචාරක අරමුණු වෙනුවෙන් යොදා ගැනීමට ඉරානය ගන්නා ඕනෑම උත්සාහයක් අවම කළ යුතු බවට අමෙරිකාව ඉල්ලා ඇති බව සඳහන්.
ඉකුත් බදාදා (04) දින ගාල්ලේ සිට නාවික සැතපුම් 19ක් පමණ දුරින් ඉන්දියානු සාගරයේදී එක්සත් ජනපද සබ්මැරීනයක් මඟින් IRIS Dena යුධ නෞකාව ගිල්වා දැමුවා.
එහිදී නාවිකයන් විශාල පිරිසක් මිය ගිය අතර මෙරට නාවික හමුදාවේ සහාය ඇති ජීවතුන් අතර සිටි 32 දෙනෙකු ගොඩබිමට රැගෙන ආ අතර ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබුණා.