ඇවිලෙන යුධ ගිනි මැද ඉරානයේ පොළොවත් කැළඹෙයි - තවත් භූමිකම්පාවක්
By Kaushi
ඉරානයේ බන්ඩාර් අබ්බාස් ප්‍රදේශයට බටහිර දෙසින් අද (7) දින පෙරවරුවේ රික්ටර් මාපකයේ 4.1ක භූමිකම්පාවක් ඇති වූ බව අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) සඳහන් කරයි.
ඒ අනුව භූමිකම්පාව බන්ඩාර් අබ්බාස් සිට කිලෝමීටර් 74ක් බටහිරින් සහ කිලෝමීටර් 10ක් ගැඹුරට සිදුව ඇති බවට දත්ත වාර්තා වේ.
මෙය සතියක් ඇතුළත ඉරානය තුළ සිදුවූ දෙවන භූමිකම්පාවයි.
ලංකාවේ ආන්දෝලනයක් ඇති කළ ඉරාන නැවේ හිටපු අයව ආයේ භාර දෙන්න එපාලු - යුද්ධේ මැද අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට බලපෑම්?
ඉකුත් අඟහරුවාදා ද ෆාර්ස් පළාතේ ගෙරාෂ් හි රික්ටර් මාපකයේ 4.3ක භූමිකම්පාවක් ඇති වූ අතර එය කිලෝමීටර 10 ක් (සැතපුම් 6.21ක්) ගැඹුරින් සිදුවී ඇති බව අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කළා.